ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(03) සිට ක්‍රියාත්මක වන පරිදි මහා බැංකු පොළී අනුපාත පදනම් අංක 25 කින් අඩු කිරීමට තීරණය කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ((SLFR)) පිළිවෙලින් සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් ඊයේ(03) දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය මගින් වෙළෙඳපොළ තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහායක් ලැබෙන අතර, COVID-19 වෛරස ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත දේශීය මූල්‍ය වෙළෙඳපොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශ ලැබෙනු ඇතැයි මහා බැංකුව පවසයි.
Divaina

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...