ව්‍යාපාරික පුවත්

ආසියානු සංවර්ධන බැංකුව තම වාර්ෂික වාර්තාව නිකුත් කරමින් පවසා සිටින්නේ මුලින් ඇස්තමේන්තු කරනු ලැබුවාට වඩා විශාල ව්‍යසනයක් COVID-19 වෛරස් වසංගතය මගින් ලෝක ආර්ථිකයට අත්පත් කරදෙනු ඇති බවයි.

එය මුදලින් ඩොලර් ට්‍රිලියන 4.1කට සමාන මුදලක් වනු ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දෙයි. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් 4.8% කට සමාන මුදලක් වනු ඇති බව වාර්තාව තව දුරටත් පවසයි.

කෙසේ වුවද සියවසේ දරුණුතම වසංගතය ලෙස ආසියානු සංවර්ධන බැංකුව හඳුන්වන මෙම වසංගතය මැඩ පැවැත්වීමට ගතවන කාලය අනුව සහ ජගත් සැපයුම් දාමයට සිදුකරන හානියේ තරම අනුව ලෝක ආර්ථිකයට සිදුකරන පාඩුව තවත් ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව සිය වාර්තාවෙන් අවධාරණය කර සිටී.

කෙසේ වුවද ආසියානු සංවර්ධන බැංකුව සිය වාර්තාව සැකසීමේදී සේවා සැපයීමේදී ඇතිවන බිඳවැටීම්, ඇති විය හැකි සමාජ අර්බූද සහ මූල්‍යමය අර්බූද,මුදල් සම්ප්‍රේශනයේදී ඇති කරණ බාධාවන්, සෞඛ්‍යය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ඇතිවන දීර්ඝ කාලීන බලපෑම් සියල්ල නොසලකා හැරිය බව පවසා සිටී.

ආසියානු සංවර්ධන බැංකුව සිය ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමේදී ඉහළම හානි දායක තත්වයේදී යුරෝපය, අමෙරිකාව සහ වෙනත් දැවන්ත ආර්ථිකයන් සහිත රටවලට බලපෑම් එල්ලවන බව පවසන අතර පහළම හානි දායක තත්වයකදී ලෝක ආර්ථිකයට සිදුවන පාඩුවේ ඇස්තමේන්තුව  ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වනු ඇති බව පවසයි.

කෙසේ වුවද ආසියානු සංවර්ධන බැංකුව පහළම හානි දායක තත්වය ලෙස හඳුන්වන්නේ  ඉල්ලුමේ ඇති කරන පීඩනය අවම සහ වෛරස් ආසාදනය පවතින කාලය අවම වන තත්වයයි.ආසියානු සංවර්ධන බැංකුව මාර්තු මාසයේ 6වන දින නිකුත් කළ වාර්තාවට අනුව නරකම තත්වය යටතේ ලෝක දළ දේශීය නිෂ්පාදනයට ඇතිකරන පාඩුව ඩොලර් බිලියන 347ක් ලෙස දක්වා තිබුණි.

ආසියානු සංවර්ධන බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව ආසියානු කලාපයේ සංවර්ධනය වන රටවල ආර්ථිකය වෛරසය ආසාදනය හේතුවෙන් 3%කට වඩා වැඩි ප්‍රතිශතයකින් කඩා වැටීමට නියමිතය. කෙසේ වුවද ආසියානු සංවර්ධන බැංකුව පවසන පරිදි මෙම වර්ෂය තුළ වසංගතය පළවා හැරියහොත් 2021 වර්ෂයේදී ලෝක ආර්ථිකය 6%ක වේගයකින් වර්ධනය වනු ඇත.

නමුත් මීට පෙර ලෝක ආර්ථික අර්බූදය සම්බන්ධව අදහස් දක්වමින් ඩෙන්මාක් ආයෝජන බැංකුව හෙවත් සැක්සෝ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම  ප්‍රධාන තොරතුරු නිළධාරි ස්ටීන් ජැකොබ්සන් මහතා පවසා සිටියේ වත්මන් ලෝක ආර්ථික අර්බූදයේ එකම සහ ප්‍රධාන වග උත්තරකරුවා COVID-19 වෛරසය නොවන බවයි.

ඔහු පවසා සිටියේ  ඉල්ලුම, සැපයුම් දම්වැල සහ බලශක්ති ක්ෂේත්‍රය යන ත්‍රිත්වයම එකම මොහොතේ කඩා වැටීම  සහ ලෝකය පුරා සිදුවූ සමාජ දුරස්ථීකරණය හේතුවෙන් ලෝක ජනයාගේ පරිභෝජන රටාව බිඳ වැට්ටවීම නිසා ලෝක ආර්ථිකයෙන් 70% ක්ම කඩා වැටී තිබුනු බවයි.COVID-19 වෛරසය ආර්ථික අර්බූදය වඩාත් තීව්‍ර කිරීමට බලපෑ බව පවසන ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා මෙම ආර්ථික අවපාතයේ අතුපතර වලට අප සියළු දෙනාම  කුමණ ආකාරයකින් හෝ හසුවෙන බවත් ලෝකය මුහුණ දෙන මෙම අභියෝගයේදී කිසිදු ජයග්‍රහකයෙකු නැති අතර ඇත්තේ පරාජිතයන් පමණක් බව පවසා සිටියේය.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmai 

මූලාශ්‍ර –  www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More