ශ්‍රී ලංකාවේ සමාජය තුල රෝගය පතුරුවමින් සිටින සැක කටයුතු එහෙත් රෝගීන් ලෙස හඳුනා නොගත් පිරිස් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ” ස්ක්‍රීනීන් ” පරික්ෂණ ක්‍රියාවලිය ආරම්භකළ යුතු බවට ඉදිරිපත් වී ඇති මතයට යම් වෛරසය විශේෂඥයින් විරෝධය පළ කරන බවක් දැන් අසන්නට ලැබේ.
ලංකා ලීඩ් ඒ පිළිබඳව රුසියාවේ සිටින ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතාගෙන් විමසන ලදී. ඔහු විසින් මෙවැනි මතයක් ඉදිරිපත් කරනු ලැබීය.
” රෝගය හඳුනාගත් වහාම වුහාන් නගරය අයත් වූ පළාතේ මිලියන 60 ක ජනතාව වසා දැමීමට චීන ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව වෛරස විශේෂඥයින්ගේ තීන්දුවක් නොවේ. ඔවුන්ගෙන් පමණක් උපදෙස් ගෙන ඔහු වැඩ කළා නම් අද චීනය මහා විනාශයකට ගොදුරු වෙලා. නව හදිසි පරීක්ෂණ හොඳ මදිනම් තිබෙන P.C.R පරීක්ෂණ ධාරිතාව පුළුල් කිරීම සඳහා පුද්ගලික රෝහල් 05ක තිබෙන පරීක්ෂණාගාර තාවකාලිකව ආණ්ඩුවේ අධීක්ෂණය යටතට පවරාගත යුතුයි. එම ධාරිතාව ඉක්මවා යන විට නව හදිසි පරීක්ෂණ පිළිබඳ සලකා බැලිය හැකිය. වැදගත් වන්නේ සමාජයේ සිටින සැක කටයුතු සියලු පිරිස් තවදුරටත් රෝගය බෝ කිරීම වැලැක්වීම සඳහා ඔවුන් පරික්ෂාකොට කොටු කර ගැනීමය. “

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...