පුරවැසි කොලම

කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සංරක්ෂකයෝ පවසති.

සංචාරක කර්මාන්තයට යොදා ගන්නා අලි 4000ක් පමණ තායිලන්තයේ සිටිති.

දිනකට ආහාර කිලෝග්‍රෑම් 200ක් පමණ එක් සතෙකුට අවශ්‍ය වන අතර ආදායමක් නොමැති වීම හේතුවෙන්  මෙම සතුන් නඩත්තු කිරීම භාරකරුවන්ට බරපතල ගැටලුවක් වී ඇතැයි පැවසේ.

තායිලන්තයේ මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය තත්ත්වය තවත් අවදානම් බවට පත්කර තිබේ.

සතුන් ආරක්ෂාකාරීව තබා ගැනීමට කිසිදු සහයක් නොලැබෙන්නේ නම් ඔවුන් කුසගින්නේ මිය යනු ඇතැයි සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලෙක් චයිලට් පවසයි.

ප්‍රමාණවත් තරම් වනාන්තර ඉතිරිව තිබුණේ නම් අලින්ට ආහාර සම්බන්දව ගැටලුවක් ඇති නොවන බවද ඔවුහු පවසති.
සංචාරක කර්මාන්තය තායිලන්තයේ ප්‍රධාන ජීවනෝපායක් වෙයි.

නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා තායිලන්තය මේ වනවිට “ලොක් ඩවුන්” කර ඇති අතර සියලුම සංචාරකයින් සඳහා දේශ සීමා වසා දමා ඇත.
තත්ත්වය කෙතරම් දරුණු වුවත් කෙසේ‍ හෝ අලි ඇතුන්ට ආහාර සපයා දීමට තම ජීවිත අවදානම ද නොතකා බොහෝ අයිතිකරුවන් ක්‍රියා කරන බවද සඳහන් වේ.

“මිනිසුන්ට බොහෝ දේ නැත. නමුත් ඔවුන් අලි ඇතුන් පණපිටින් තබා ගැනීමට අවශ්‍ය දේ සිදුකරයි.” යනුවෙන් උතුරු තායිලන්තයේ අලි අභය භූමියක කලමණාකාරිනියක වන මැක් රේ මහත්මිය පවසයි.
තායිලන්තයේ කොරෝනා වයිරස රෝගීන් 1 651ක් හඳුනාගෙන ඇති අතර 10 දෙනකු මියගොස් තිබේ.
ඊයේ නව ආසාදිතයන් 127ක් වාර්තා වූ අතර එක් මරණයක් සිදුවිය.

(බීබීසී ඇසුරිණි – 085)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More