නිදහස් කුසලාන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පිට පිට හිමිකරගත් දෙවෙනි පරාජය ඊයේ 12 දින ශ්‍රී ලංකාවට හිමිවිය.ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව කඩුලු 06ක පහසු ජයක් ලබාගත්තේය.
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වීමෙන් අනතුරුව යම් සාර්ථක ගමනක් ආරම්භ කළද පිට පිට ලැබූ මෙම පරාජයන් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් පෙරවරදි කිරීමේ තත්ත්වයක් මතුවී ඇති බවට සාධාරණ සැකයක් මතුව ඇත.
විශේෂයෙන්ම කණ්ඩායම තෝරාගැනීමේදී සුපුරුදු පරිදි තේරීම් කමිටුව පිස්සු නටන්නට පටන් ගෙන ඇති බවට යම් සැකයක් ඇතිවීම සාධාරණය. චන්දිමාල්ගේ තරඟ තහනමින් පසු තිසර පෙරේරාට නායක්ත්වය දීමට වඩා උපුල් තරංගට නායකත්වය ලබාදීමට අවස්ථාව තිබුණි.
කණ්ඩායම හැසිරවීමේදී තිසර පෙරේරාට වඩා බොහෝ ඉදිරියෙන් උපුල් තරංග සිටි. පන්දු යවන්නන් මාරු කිරීම පන්දු පිටිය සැකසීම ගැනඑතරම් හොඳ අවබෝධයක් තිසර පෙරේරාට නැත.
ජීවන් මෙන්ඩිස් අකිල ධනංජය වෙනුවට රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න, සඳකැන් වැනි පන්දු යවන්නන් ගැන අවධානය යොමුකිරිමට අවස්ථාව තිබුණි. ක්‍රිඩා සමාජ තරඟවලදී දස්කම් පෑ ලසිත් මාලිංගට අවසන් අවස්ථාවට හෝ මෙම තරඟාවලියේදී අවස්ථාවක් ලබාදීමට හැකියාව තිබුණි.
ඊයේ පැවති තරඟයේදී දිනේෂ් චන්දිමාල් වෙනුවට කණ්ඩායමට ඇතුලත්කර තිබුණේ සුරංග ලක්මාල්ය දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු බවත් සුරංග ලක්මාල් පන්දුයවන්නෙකු බවත් තේරීම් කමිටුවට නොතේරීම කණගාටුවට කරුණකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...