පුරවැසි කොලම

ලෝවටා සිටින අපේ වෙද හෙදි ප්‍රජාවේ සොයුරු සොයුරියන් සමග කොරෝනා මර්ධන සටනට එක්වී සිටින අතරේ මගේ සිතට වද දෙමින් නොකඩවා එන සිතුවිලි වලින් මදක් ඔබට ගෙනහැර පෑමට සිතුනා.

එංගලන්තය දැන් උපරිම ආසාදිත තත්වය කරා සෙමෙන් පියවර මනිමින් සිටී. තව සුමාන 3කින් උපරිමය ලඟාවෙනු ඇතිබවයි අපට බලධාරීන්ගෙන් දැනගැනීමට ලැබෙන්නේ.

එවන් තත්වයක් යටතේ මේ රටේ ඇඳිරි නීතියක් පණවා නැත. ජනතාව කොතරම් විණයගරුකද කිවහොත් ඇඳිරි නීතියක් අවශ්‍ය නැත. අත්‍යවශ්‍ය සේවාවන් හැර සියලුම ව්‍යාපාර වසා ඇත. ජනතාව රජයට කීකරුව ගෙවල් වලට වී සිටී. ලංකාවේ මෙන් බඩු ගැනිමට කඩ සාප්පු වල තෙරපෙන්නන් මේ රටේ නැත. කඩ සාප්පුවකට ගියද රජයේ ඉල්ලීමට ගරු කරමින් එකිනෙකා අතර අඩි 6ක දුරක් පවත්වා ගනිති. අනවශ්‍ය ලෙස කඩ සාප්පු වල නොගැවසෙති. පාරවල් වල කිසිදු සත්වයෙක් දක්නට නොමැත. ඒ විණය ගරුක සමාජයක ලක්ෂණයයි.

මේ රටේ දැනට තිබෙන සියලුම දැඩි සත්කාර ඒකක මේ සඳහා ප්‍රයෝජනයට ගෙන ඇතිමුත් කොතරම් දියුණු රටක් වුනත් සියල්ලන්ටම අවශ්‍ය තරමට මදි බවයි මෙරටේ ජාතික සෞඛ්‍ය සේවාව කියන්නේ.

මෙවන් කණගාටුදායක අවස්ථාවන් වලදී රෝගීන් 5 දෙනෙකු දැඩි සත්කාර ඒකකයකට ඇතුල් කිරීමට යැවුවොත් ඔවුන්ගෙන් ලාබාලම පුද්ගලයාව පලමුවෙන් ඇතුල් කරගැනීමටයි අපට සෞඛ්‍ය සේවා බලධාරීන්ගෙන් උපදෙස් ලැබී තිබෙන්නේ.

ඒ අනිත් අයව මරාගන්න උවමනා නිසා නොව දැඩි සත්කාර ඒකක වල අවශ්‍ය ප්‍රමාණයට ඉඩ නැති නිසයි. එයට මේ රජයට දොස් කියා පලක් නැත. මන්ද මේ වයිරසයට චීනය හැර ලොවේ කිසිම රටක් ලැහැස්තිවී සිටියේ නැති අතර ඔවුන් මේසා මහා පරිමාණයකින් ආසාදනයක් බලාපොරොත්තු වුනේද නැත. එංගලන්තයේ තියා කිසිම රටක මේ සඳහා අවශ්‍ය ප්‍රමාන වලින් දැඩි සත්කාර ඒකක නැත. ලංකාවේ කිසිසේත්ම නැත.

බටහිර රටවල තිබෙන ප්‍රමාණයෙන් කාලක්වත් පහසුකම් නැති අපේ ලක්බිමට මෙවන් දරුණු ආකාරයෙන් ආසාදිත තත්වයක් ඇතිවූවොත් එය ඉතාම ඛේදනීය තත්වයක් වෙන බව පැහැදිලියි.

ලක් රජය, කොරෝනා මර්දන කමිටුවේ සභාපති තුමා, වයිද්‍ය සංගමය ඇතුලු වගකිව යුතු සියල්ලන්ම මේ රෝගය පැතිරීම වලක්වාගැනීමට ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටින්නේ ඒනිසයි.

වෘතිකයන් මෙහි ඇති භයානක තත්වය තේරුම් ගත්තත් ලංකාවේ ජනතාවට තවමත් එය දැනී නැති බව නම් ඉතාම පැහැදිලියි. ඇඳිරි නීතිය ඇරුනු විගසම කඩ වලට රිංගන සෙනග දුටුවිට මගේ ඇඟ කිලිපොලා යන්නේ ඒනිසයි.

මේ වයිරසය කිසිම කෙනෙකුට දැනුම් දීමක් නැතිව ශරීරයකට ඇතුල් වෙනවා පමනක් නොව %50ක්ම ආසාදිත තත්වය වැඩි දියුණු වනතෙක්ම රෝග ලක්ශණ නොදැනෙන නිසා මේ පෝස්ටුව බලන ඔබට පවා මේ ආසාධනය තිබිය හැකියි.

මේ වයිරසය වනාහී නොකඩවාම එහි පැවැත්ම සඳහා මිනිස් සිරුරක් සොයමින් සිටින පරපෝශිතයෙකු බවත් එයට අන් සියලුම වයිරස වලට වඩා ඉක්මනින් මිනිස් සිරුරකින් සිරුරකට සංක්‍රමණය වීමේ හැකියාවක් ඇති බවත් නිතර සිහිපත් කරන්න.

මේ රටවලට කෙසේ හෝ ඔලුව උස්සාගැනීමට හැකියාවක් තිබුනද ලංකාව වැනි දුප්පත් රටකට එය ඔරොත්තු දෙන තත්වයක් නොවන බව ජනතාව වටහාගත යුතුයි.

මේ සඳහා ඔබට කල හැකි එකම දෙය නම් නොකා නොබී කොත්තමල්ලි වතුර බිබී හෝ ගෙයින් එලියට නොයා එක සුමාන දෙකක් සිටීම පමණයි.

මගේ මාතෘභූමිය වෙනුවෙන් මා ඔබෙන් කරුණාවෙන් ඉල්ලන එකම ඉල්ලීම එයයි..

Binuri Disasekara



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More