පුරවැසි කොලම

අපි රටක් ලෙසත් ජාතියක් ලෙසත් ඓතිහාසික උරුමයන් මෙන්ම ඓතිහාසික ප්‍රෞඩත්වය ද මහා ශිෂ්ඨාචාරයකද සාඩම්බර හිමිකරුවෙක්ය. ඉතිහාසයේ පටන්ම බරපතල ආක්‍රමණිකයන් , දුර්භික්ෂයන් මෙන්ම සගතයන්ටද මුහුණ දී ඒ සියල්ල සාර්ථකව පරාජය කර යලි යලිදු නැගිසිටපු රටක්ද් වේ. ඒ ජයග්‍රහණයන් පසුපස තුබූ දැවැන්ත සෙවනැල්ල වූයේ බුදුදහමින් ලැබූ අධ්‍යාත්මික ආභාෂය හා අපගේ එකමුතුකමේ ශක්තියයි.

මෑත භාගයේ වසර තිහක ලොව බලගතුම ත්‍රස්තවාදය පරාජය කිරීමත් , සුනාමි ව්‍යවසනයෙන් පසු නැගිසිටීමත් අප ලැබු ජයග්‍රහණයන් ය. දැන් ජාතික ව්‍යවසනයකින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වසංගතයක් වූ කොරෝනා මුලු ලොවම ආක්‍රමණය කරමින් සිටි. ලොව බලගතු යැයි කියාගන්නා රටවල් වල ආගන්තුක සත්කාරයේ දුගීභාවය මොනවට පැහැදිලිවේ. ඉතාලිය යනු යුරෝපයේ ප්‍රබල රටක් . අද ඉතාලිය යනු කොරෝනා වසංගතයේ තොටිල්ල බවට පත්ව ඇත. ලොව බලවත් සියලු රටවල් මනුස්සකම් ඉදිරියේ බෙලහීනයන් බවට පත්ව සිටීම දෛවයේ සරදමක් ය.

ඇමෙරිකාව යනු අපේ ජිවිත කාලයේ මා දුටු නරුම අධිරාජ්‍යයක නොනිල තක්කඩියාය. ඇමෙරිකාවට නතු නොවූ සියලු රටවල්වල මිහිමත අපායක් නිර්මාණය කලේද ඇමෙරිකාවමය. අද ඇමෙරිකාවට නිසි පාඩම් උගන්වා ඇත්තේ කොරෝනා නම් වූ පියවි ඇසට නොපෙනෙන වෛරසයයි. අද අමෙරිකාව ලොව රටවලින් ආධාර උපකාර ඉල්ලමින් සිටී. ඇමෙරිකාවේ අපි දකින බලවන්තභාවය ඇතුලේ ඛේදන්තයන් බොහෝය. සෑම සීත සෘතුවකම 50000 – 60000ක් අතර ප්‍රමාණයක් මියැදෙන්නේය. එවැනි ඛේදවාචකයන් බලහත්කාරයෙන් වසා ලෝකයට පෙන්වූ සුපිරි සංවර්ධිත බවේ රෙද්ද කොරෝනා විසින් ගලවා විසිකලේය. අද ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ලක්ෂය පනී . මියැදෙන සංඛ්‍යාව බොහෝය. සෞඛ්‍ය සේවය ඉහල සල්ලිකාරයන්ට පමණි. කෝටිපතියන් රැකෙන්නට කොරෝනා අවසන් කල යුතුයි . එහෙත් අවාසනාවකට ඔවුන්ට එහෙම මහා බලගතුයැයි අපට පෙන්වාලනු ලැබූ යාන්ත්‍රණය අඩපණය.

අපි රටක් විධියට ජාතියක් විධියට සතුටු වියයුත්තේ එවන් බලගතු රටවල් වලට සාපේක්ෂකව ය. අපිට ඇත්තේ මිල මුදල් හෝ බල පුලුවන්කාරකම් නොව අඩුපාඩුකම් මැද වුවද බුදුදහමින් ලද අධ්‍යාත්මික ශක්තියේත් අපේ මිනිසුන්ගේ අනෙකා කෙරෙහි දක්වන්නාවූ ලෙංගතුකම හා ආගන්තුක සත්කාරයේ බල මහිමයයි. අනෙකාට දුකක් එනවිට ඒ වෙනුවෙන් පිහිටවීමේ උසස් ගුණාංගයයි. අපි සැවොම අඩු වැඩි විධියට අනුන්ගේ දුකේදී හඩාවැලපෙන ජාතියක්ය. ඒ වගේම අනුන්ගේ සතුටේදී සිනාසෙන ජාතියක්ය . එනිසාවෙන්ම එක්සිත්ව එක්සත්ව ඕනෑම දරුණු ආක්‍රමණිකයෙක් , ඕනෑම වසංගතයක් , දුර්භික්ෂයක් , සාගතයක් පරාජය කරලන්නට හැකිවිය.

සත්තකින්ම එලෙසින්ම කොරෝනා ද අපට පරාජය කරලිය හැක්කේය . එහෙත් එහි යම් අභියෝගයක් ඇත්තේය . රටට නායකත්වය දෙන සියලු දෙනා පාටපක්ෂ බේද පසෙකලා එකාවන්ව එකපෙලට සිටගත යුත්තේ කොරෝනා වසංගතයට එරෙහිවය. ඉන් අනතුරුව රටවැසියන් ලෙස අපටද මහා වගකීමක් ඇත්තේය . ඒ කොරෝනා පරාජය කරලීම උදෙසා සෞඛ්‍යමය නීතිරීති මෙන්ම අනෙකා රැකගැනීමේ රට රැකගැනීමේ පරාර්ථකාමි දායකත්වය නිර්ලෝභීව ලබා දීමෙනි. මෙයට සමගාමිව අප සැමට කලහැකි කලයුතු මහා යුතුකමක් මෙන්ම වගකීමක්ද ඇත්තේය. ඒ අන් කවරක්වත් නොව වසංගතයෙන් පසුව එන සාගතයෙන් මිදීම සදහා වූ වගා සංග්‍රාමයක් ඇරඹීමයි. ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න මේ මොහොතේ තම ජාතික යුතුකම සෑම බිම් අගලකම වගාකිරීමයි. නායකත්වයේ සිට ආරක්ෂක අංශ , සෞඛ්‍ය අංශ ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවකයන් ජීවිත පරදුවට තබා කොරෝනා පරාජය කරන්නට කැපවෙද්දී අපි ජාතික ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන්නට වගා සංග්‍රාමය ගෙදර වත්තෙන් පටන් ගනිමු.

එසේ කලහොත් පමණක් අපට මේ කොරෝනා වසංගතය වසංගතයක් නොවී වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගනිමින් ලොව බලවත්ම රට මේ ශ්‍රිලංකාද්වීපය බවටද පත් කල හැකිය.

රජරට අනුරාධ තෙන්නකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More