පුරවැසි කොලම

> සුනිල් රත්නායක අතින් වරදක් සිදුවූයේ නම් එය සිදුවූයේ යුද්ධය නම් අතිවිශේෂ පසුබිමක් යටතේය. ඔහු හෝ හමුදාවේ කිසිවෙකු පෞද්ගලික හෝ දේශපාලන ආරෝවකට හිතාමතා අහිංසක ජනයා ඝාතනය කළේ නැත.

> නමුත් කොටි ත්‍රස්තවාදීහු ගම්වලට වැදී අහිංසක දැරුවන්, ගැහැනුන්, මිනිසුන් තොග පිටින් කැති ගෑහ. බස් බෝම්බ තැබූහ. කුඩා දරුවන් දහස් ගණන් පැහැර ගත්හ. තමන්ගේ ප්‍රාණ ඇපයෙන් මිදී පලා යන අය පණ පිටින් පුලුස්සා දැමූහ. ලංකා රජය සමග ඇති දේශපාලන ආරෝව වෙනුවෙන් ඔවුන් ඒ සියල්ල කළේ වැරදීකින් නොව හිතාමතාය.

> ඒ ආකාරයට දේශපාලන ආරෝව මත හිතාමතාම තොග පිටින් මිනී මැරූ කොටි ත්‍රස්තවාදීන් 13000කට ශ්‍රී ලංකා රජය යුද්ධය අවසානයේ දඬුවමකින් නඩු විභාගයකින් තොරව නිදහස ලබා දුන්නේය. එහි වරදක් නැත. ඒ විශේෂ යුදමය තත්ත්වයක් යටතේ සිදුවන දේවල් සාමාන්‍ය නීතිය යටතේ විසඳා නිම කළ නොහැකි නිසාය.

> එසේ නම් ත්‍රස්තවාදීන්ට වලංගු ඒ සමාදානයේ නීතිය ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳූ හමුදාව සම්බන්ධව වලංගු නොවිය යුත්තේ කුමන පදනමක් මතද?

> එදා ත්‍රස්තවාදින් 13000කට නිදහස දෙන විට ඔවුන් අතින් සිදුවූ අපරාධ ගැන කතා නොකළ අයට අද සුනිල් රත්නායක ගැන පමණක් අමුතු රුදාවක් වැළදී ඇත්තේ කුමක් නිසාද?

> යුද්ධය නම් සංකිර්ණ චිත්‍රයේ එක තිතක් පමණක් උලුප්පා දක්වමින් එහි ඇති මනුෂ්‍යත්වය ගැන නන් දෙඩවීමේ තේරුම කුමක්ද?

> එවැනි දේ කළ හැක්කේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට නොව එදා සිටම කොටි වෙනුවෙන් පෙනී සිටින සිංහල හිවල් රැළට පමණි. අද සුනිල් රත්නායකගේ ප්‍රශ්නය ගැන කියමින් උඩු බුරන සියලු දෙනාට ඇත්තේ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව තමන්ගේ අශිෂ්ට මනස් තුළ බුර බුරා දැවෙන සමාජ වෛරය මුදා හැරීමේ වුවමනාවක් පමණි.

> මනුෂ්‍යත්වය ගැන මෙතරම්ම අමාරුවක් ඔවුන්ට තිබේ නම් කළ හැකි දෙයක් තිබේ.

> ඒ සුනිල් රත්නායක නැවත හිරගෙදරට යවා නිදහස් කළ ත්‍රස්තවාදීන් දහතුන් දහස නැවත අත්අඩංගුවට ගැනීමය. ඒ අතරේම කොටි ත්‍රස්තවාදය උදෙසා කවියෙන්, ලේඛනයෙන්, කතාවෙන්, දේශපාලනයෙන් අනුබල දුන් නන්දිකඩාල් ශුක්‍රාණුකාරයන් රැළද එක එකා සොයා අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමය.

> ඒ දේවල් එලෙස කළ හැකි නම් සුනිල් රත්නායක නැවත හිරගෙදරට යැවීම ගැන සලකා බැලිය හැකි වනු ඇත.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More