පුරවැසි කොලම

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය – පරාජයට බලපාන මූලිකම සාධකය වියහැක්කේ කොරෝනාවට එරෙහි සටනයි. එබැවින් රජයක් විදියට, විපක්ෂයක් විදියට පමණක් නොව පුද්ගලිකව දේශපාලකයෙක් විදියට මේ මොහොතේ දක්වන මැදිහත්වීම අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජය පරාජයේ ප්රමාණය තීරණය වනු අැත. දේශපාලනය තිබිය යුත්තේ මිනිසුන් උදෙසාය. එබැවින් මෙවැනි අවස්ථාවක මිනිසුන්ගේ පිහිටට නැති දේශපාලකයින්ගෙන් වැඩක් නැති බව මිනිසුන් සහසුද්දෙන්ම දනී. එය කෙසේ වෙතත් දේශපාලකයා මේ මොහොතේ ස්ථානගත විය යුත්තේ කෙසේද? දේශපාලකයින් වැඩේ අනාගන්නේ අන්න එතනදියි.

සාම්ප්රදායික දේශපාලනය කොරෝනාවට එරෙහි සටනේදී අහෝසියි. කොරෝනාවට එරෙහි සටනේදී ජනතාව පොදුවේ දේශපාලනය බැහැර කරයි. එබැවින් දේශපාලකයාට මේ මොහොතේ වටිනාකමක් එකතුවන්නේ ඔහු හෝ ඇය දේශපාලකයෙක් නොවී සිටීම තුළයි. එබැවින් දේශපාලකයාට මේ මොහොතේ ජනතාව අභිමුඛව පෙනීසිටිය හැක්කේ ඔහු හෝ ඇය විසින් දේශපාලකයෙක් ලෙස සමාජගතවීමට පෙර සිටි වෘත්තිය හෝ හැකියාව අනුවයි. අන්න ඒකට මේ මොහොතේ ඉඩක් තිබේ. එයින් අදහස් වන්නේ කසිප්පු පෙ⁣ර පෙරා ඉදපු කෙනා ආයෙ කසිප්පු පෙරිය යුතුයි යන්න නොවේ. කිසිම වෘත්තියක් නොකල හෝ කිසිම හැකියාවක් නොමැති දේශපාලකයෙකු සිටී නම් ඔහුට හෝ ඇයට ඇත්ත මනුස්සයෙකු ලෙස මේ මොහොතේ පෙනීසිටිය හැක. ඒ ඇත්ත මනුස්සයාට වටනාකමක් දෙන්නට මේ මොහොතේ මිනිසුන් පසුබට නොවේ.

පහත අමුණා ඇති ඡායාරූප දෙකට වටිනාකමක් ලැබෙන්නේ ඒ නිසාය. ඔවුන් සාම්ප්රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් කොරෝනාවට එරෙහි සටනේදී ඇත්ත මිනිසුන් ලෙස පෙනී සිටින බව මට හැගේ. එහි අදහස නම් දේශපාලකයෙකුවීමට පෙර මොවුන් සමාජගත වී සිටියේ මේ අයුරින් යැයි මට සිතීමය.

තුසිත ජයවර්ධන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More