පුරවැසි කොලම

වෛද්‍ය T.W.W.A ජයරුවන් බණ්ඩාර
අධ්‍යක්ෂක ශ්‍රී ලංකා වෛද්‍ය පර්‍යේෂණ ආයතනය

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ලෝකය පුරාම ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.ලෝකය පුරා රෝගීන් 383,008 දෙනකු මේ වන විට මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 100,340ක් පමණ සුව වී තිබේ.ලෝකයේම පුද්ගල මරණ අද වන විට 16,585වාර්තා වී තිබේ.ලෝකයෙන් මෙවැනි බිහිසුණු පුවත් වාර්තා වෙද්දි ශ්‍රී ලංකාවේ තත්වයද දිනෙන් දින වාර්තා වන්නේ කොරෝනා රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවයකි.අද දින වන විට කොවිඩ් 19 වෛරසය ශරීරගත වූ රෝගීන් 102ක් වාර්තා වන්නේ දිනකට වැඩිවන රෝගීන් ගණන 5,6 ක් බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය පර්‍යේෂණ ආයතනය මඟිනි.කොවිඩ් 19 වෛරසය සක්‍රීය(positive) වන රෝගීන්ගේ ප්‍රවණතාවය අද වන විට කුමන තත්වයක තිබේද යන්න සහ වෛරසයේ ව්‍යාප්තිය අඩුකර ගැනීම සඳහා රටේ ජනතාව මෙන්ම රජයද වගකීමෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා,

“සාම්පල් පරීක්ෂාව ඉතාම හොඳින් සිදු කෙරෙනවා.කලින් අප සාම්පල් 20ක් පරීක්ෂා කළාම 5ක් 6ක් වගේ තමයි පොසිටිව් වෙන්නෙ.ඒත් අද වන විට සාම්පල් 100ක් පරීක්ෂා කළාම 4ක් 5ක් වගේ පොසිටිව් වෙන්නෙ.කොරෝනා වෛරසය ශරීරගත වූවා යැයි සැක කර රෝහල්ගත කරනු ලබන සියලු දෙනාගෙම මෙම වෛරසය පොසිටිව් වෙන්නෙ නැහැ.ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කළාම අපේ රටේ මේ වෛරසය වේගයෙන් පැතිරෙන්නෙ නැහැ ඉතාම අඩුවෙන් තමයි ව්‍යාප්ත වෙන්නෙ.දැනට ලංකාව තුළ පනවා ඇති ඇඳිරි නීතිය සහ ජනතාවට බඩු බෙදා දීම දිගටම කරගෙන ගියහොත් අපට මෙය ඉක්මනින් වළක්වා ගැනීමට පුලුවන්.වටේ පිටේ තිබෙන විෂබීජ ටික පහවෙනකම් ජනතාව නිවෙස් තුළටම වී සිටියහොත් විෂබීජ පැතිරීම වළක්වා ගන්න පුලුවන්.දැනට ලංකාවේ හොඳ පාලන තත්වයක් තිබෙනව.

මිනිසුන් වගකීම ගන්න ඕන.මිනිසුන් වගකීම ගන්නෙ නැතුව වැඩ කරන්න ගියොත් මෙය පාලනය කරගන්න බැරිව යනවා.තවමත් කොවිඩ් 19 වෛරසය ශරීරගත රෝගීන් හම්බවෙනව.මිනිසුන් හිතුවක්කාර ලෙස කටයුතු කරන්න ගියොත් මේ තත්වය වැඩි වෙන්න පුලුවන්.එහෙම වුණොත් මේ තත්තවය පාලනය කරගන්න බැහැ.ලෝකයේ අනෙක් රටවල තවමත් මෙම විෂබීජය වේගයෙන් පැතිරෙනවා.අපේ රටේ එහෙම තත්වයක් නැහැ.”

“අපේ රටේ තියෙන්නෙ මිනිසුන්ගේ ඇඟේ තියෙන focus එකක්.ඒ කියන්නෙ අපේ රටේ මෙම වෛරසය පතුරවන්න ඕන මිනිසුන් විසින්මයි.අපේ රටේ පුද්ගලයෙක් මෙම රෝගය හදාගෙන ඔහු වටා සිටින අනෙක් අයටත් බෝ කළේ නැතිනම් මේ රෝගය බෝ වෙන්න ක්‍රමයක් නැහැ.මෙම වෛරසය පරිසරයේ නැහැ.පිටරටක මේක කොහේ හරි පටන් ගත්තා.ඒ පටන් ගත්තේ මිනිසෙකුගෙන් නෙමෙයි.මේක පටන්ගත්තෙ වවුලන්ගේ මස්වල හරි සර්පයින්ගේ මස් වල වැනි ස්වාභාවික focus එකකින්.මේක weapon එකක් වගේ කොහේ හරි පටන් ගත්තා.ඊට පස්සෙ පාලනයක් නැතුව මිනිසුන් අතර පැතිරුණා.

හතරවටේම පැතිරෙනකම් මිනිසුන් කවුරුත් දැනගෙන හිටියෙ නැහැ මෙය මිනිසුන් අතර පැතිරන ලෙඩක් කියල.මිනිසුන් දහස් ගාණක් ලෙඩවෙලා සිය ගණන් රෝහල් ගත වෙලා මිනිස්සු මැරෙන්න පටන් ගත්තම තමයි මිනිසුන්ට මේකෙ බරපතළකම තේරෙන්න පටන් ගත්තෙ.නොවැම්බර් මාසේ අවසාන සතියේ සිට දෙසැම්බර් මාසෙ ඉවර වෙන කල්ම මෙම රෝගයෙන් මිනිසුන් මරණයට පත්වීම සිදුවුණා.

අපේ රටේ එහෙම දෙයක් නැහැ.අපේ රටේ මෙම රෝගය එනකොටම,ආපු වෙලාවෙම හඳුනා ගත්තා.චීන ජාතික කාන්තාවගෙන් තමයි අපි මෙම රෝගය හඳුනා ගත්තෙ.අපේ රටට මේ ලෙඩේ ආවොත් අපේ රට ඒකට මුහුණ දෙන්නෙ කොහොමද කියන එකට අපට සැලැස්මක් තිබුණා.ගුවන් තොටුපළින් එන අය හොයා ගන්නේ කොහොමද, පිටරට සිට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපළින් හෝ නැව් තොටුපළින් පැමිණිය යුතුයි කියන දේ අප සැලැසුම් කළා.ඒ වගේම චීනයේ සිට එන අය හඳුනාගන්නේ කොහොමද,චීනයේ ඉඳල එන අයගේ පාස්පෝට් එක චෙක් කරනවද යන කාරණා පිලිබඳව අපේ රට විමසිලිමත් වුණා.විදේශවලින් එන අයගේ රට declare කරන්න කියල අපි කිව්වා.එන අයට එම ඉංග්‍රීසි වචනය තේරුම් ගන්න අපහසු වුණා.ඊටපස්සෙ චීන භාෂාවෙන් format හැදුවා.

ජනවාරි මාසෙ 14 වෙනිදා තමයි එහෙම වැඩපිළිවෙළක් සකස් කළේ.ජනවාරි 26 වෙනකොට අපේ රටේ පළවෙනි ජනාධිපති කාර්‍ය සාධක බලකාය රැස් වෙලා ඉවරයි.ජනවාරි 27 වෙනිදා අපේ රටේදී පළමුවන රෝගියා හමුවුණා.එදින තමයි ජනාධිපති කාර්‍ය සාධක බලකායේ දෙවැනි රැස්වීම තිබුණේ.අපි ඒ කාලෙම මේකට සැලසුම් ක්‍රියාත්මක කළා.චීන ජාතිකයින් ගුවන් තොටුපළේ දී උණ බලල පරීක්ෂා කරන්න පුලුවන් උනත් ඔවුන් වැඩපොළට ගියාම පරීක්ෂා කරන්න සැලසුමක් අපි ක්‍රියාත්මක කළා.

හැම චීන ජාතිකයෙක්ම යන්නෙ කුමන වැඩපොළට ද කියල බලල එම ප්‍රදේශයේ ඉන්න MOH හා PHI ට දැනුම් දුන්නා ඔවුනට උණ එනවා දැයි දිනපතා ගොස් පරීක්ෂා කර බලන්න.ඒවගේම කොරෝනා රෝග ලක්ෂණ ඔවුන් තුළ දකින්නට ලැබෙනවා දැයි පරීක්ෂා කර බලන්න අප එම නිලධාරීන්ට දැනුම් දුන්නා.ගුවන් තොටුපළේදී පරීක්ෂා කර බැලීමෙන් මෙන්ම උණ රෝගියෙකු හමු වීමෙන් කළ යුත්තේ කුමක් ද කියාත් අපි සැලසුම් කළා.

මේ අතරේදී තමයි චීන ජාතික කාන්තාව හඳුනා ගැනීම සිදු වුණේ සහ ඇය වහාම IDH උණ රෝහලේ රෝහල් ගත කළේ.ඉන්පසු ඇය සමඟ විනෝද චාරිකා ගිය අය,ඇය සමඟ හොටෙල් වල නතර වී සිටි අය මෙන්ම ඇයට මඟපෙනවපු අය සියලු දෙනාම අප MOH සහ PHI ලවා පරීක්ශා කර බැලුවා.එයාලවත් රෝහල් ගත කර පරීක්ෂා කළා.එයාලට එම රෝගය නොමැති නිසා ඔවුන් නිවෙස් වලට යැවුවා.මෙවැනි ක්‍රියාවලියක් තිබුණ නිසා අපට එකින් එක පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වුණා.මේ අතරෙදී ඉතාලි ජාතික සංචාරක පිරිසක් සමඟ සිටි ශ්‍රී ලාංකික මඟපෙන්වන්නෙකුට උණ රෝගය වැලඳුණා.

එම පුද්ගලයාට කැස්ස හැදිල එය සුව නොවීම නිසා ප්‍රතිකාර සඳාහ පැමිණ සිටියා.ඔහු සොයාගත්තේ ඒ අකාරයට.ඔහු මේ රටේ දෙවැනි රෝගියා.තුන්වැනි රෝගියා තමයි ඔහු සමඟ සිටි මැණික් ව්‍යාපරිකයා.ඉතාලියේ සිට මිනිසුන් එන්න පටන් ගත්තේ මොවුන්ට ප්‍රතිකාර කරන අතරතුර ඒ පැමිණි මිනිසුන් ගෙන ආ විෂබීජ තමයි මෙතරම් දුර පැතිර ගියේ.චීනේ වුහාන්වලයි විෂබීජ බෝම්බය තිබුණේ.අපේ රටට ආවේ විෂබීජ පුරවාගත්ත බෝම්බ ඒ විෂබීජ තමන්ගේ ගෙදර අයට,නෑදැයින්ට සහ ඔවුන් යන යන තැන් වල අයට බෝ කළා. ඒ මිනිස්සු කරපු දේ තමයි අපේ රටේ මේ තරම් පැතිරුණේ .

අපේ රටේ මිනිසුන් කියන දේ අහන්නෙ නැහැ.ඒ නිසා තමයි ඇඳිරි නීතිය දාලා ගෙවල් වලම ඉන්න කියල කියන්නෙ.මම යෝජනා කළා ඇඳිරි නීතිය දිගටම දාලා මිනිසුනට ගෙවල් වලට බඩු බෙදාහරින්න කියල.මෙය ජනාධිපතිතුමත් අගමැතිත්මත් දන්නව බැසිල් රාජපක්ෂ මහත්තය මෙය ක්‍රියාත්මක කිරීම සඳාහා food city වල කණ්ඩායම් සහ හමුදා නිලධාරීන් දීලා තිබෙනව.food city එකේ නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් සමඟ ගමට යන්න කියල.මේ වෙලාවේ 50% අඩුවට දුන්නත් රජයට පාඩු නැහැ.මේ ලෙඩේ පාලනය කරන්න යන මුදලට වඩා වැඩි මුදලක් මේ නිසා රටට ඉතුරු වෙනව.food city වලට කීයක් හරි ගෙවල මේ වැඩේ කරත් කමක් නෑ.මිනිසුන්ට වගකීමක් තිබෙනව.

මම අනාරක්ෂිතව හැසිරුණොත් මට බෝවෙන්න පුලුවන්.ආරක්ෂිතව හැසිරෙන ක්‍රම ගැන මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කරනවා.ඒවා අනුගමනය කර ආරක්ෂිත පියවර අරගෙන ජීවත් වීම මිනිසුන්ගේ වගකීමයි.ගුවන් තොටුපළේදී හොරෙන් පැන ගිය අය කළේ ඉතාම නරක වැඩක්.ඒ අය හොරෙන් පැන ගිහින් ලෙඩේ තමන්ගේ බිරියට,දරුවන්ට,හැමෝටම බෝ කළා.අන්තිමට තමන්ගේ පවුලත් අමාරුවේ රටත් අමාරුවේ.එම නිසා මිනිසුන්ගේ ඇඟේ තිබෙන විෂබීජ මර්දනය කරගත හොත් මෙම රෝගය එතැනින් සුව කරගත හැකියි.නිරෝධානයෙන් මෙය සනීප කළ හැකියි.”

කොරෝනා රෝගීන් සඳාහා මුලින්ම අයි.ඩී.එචි. රෝහල පමණක් වෙන්කර තිබුණද අදවන විට ලංකාවේ රෝහල් 18ක් ඒ සඳාහා වෙන්කොට තිබේ.මුල්ලේරියාව රෝහල,හෝමාගම රෝහල ද ඇතුළුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ශික්ෂණ රෝහල්ද මේ සඳහා සූදානම් කර තිබේ.ඒ අතරම මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මාතෘ අංශය කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැක සහිත ගැබිනි මවුවරුන් සඳාහා වෙන් කොට තිබේ.අප රටේ ජනතාව මෙම රෝගය සඳහා බියක් දැකිවිය යුතු නැත.මන් ද ලංකාවේ කොවිඩ් 19 අසාදිත පළමු රෝගියා වන සංචාරක මඟපෙන්වන්නා අද උදෑසන වන විට සුව වී රෝහලින් පිටව ගොස් ඇති බැවිනි.නමුත් අප පරෙස්සම් විය යුතුය.මෙය ජාතික ව්‍යසනයකි.

මෙම ජාතික ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම සඳහා අප රටේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම යුද හමුදා නිලධාරීන් ඇතුළු යුද හමුදා සෙබළුන් ද දෙවිවරු මෙන් ක්‍රියා කරති.

ගරු ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ද අප්‍රතිහත ධෛර්යය මෙන්ම රට වෙනුවෙන් නොබියව ගන්නා තීරණ නිසාද මෙම වසංගතයෙන් මිදීමට අප රටට හැකිවනු ඇත.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු පක්ෂවල නායකයින් සඳහා විශේෂ රැස්වීමක් කැඳවනු ලැබුවේ කොරෝනා වෛරසය සම්බන්ධව සාකච්ඡාවක් සඳාහාය.රජයක් ලෙස ගනු ලබන පියවර වලට ජනතාව 100%ක්ම අනුග්‍රහය දක්වන්නේ නම් සහ සෞඛ්‍ය අංශ මාධ්‍ය මඟින් කරනු ලබන දැනුවත් කිරීමේ එලෙසෙම පිළිපැදීමේන් ද අපට කොවිඩ් 19 පරාජය කළ හැකිය.

සටහන-චතුමි පිටිපන
ඡයාරූපය-රොෂාන් පිටිපන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More