විදේශ පුවත්

ඩෙන්මාක් ආයෝජන බැංකුව හෙවත් සැක්සෝ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම  ප්‍රධාන තොරතුරු නිළධාරි ස්ටීන් ජැකොබ්සන් මහතා පවසා සිටින්නේ වත්මන් ලෝක ආර්ථික අර්බූදයේ එකම සහ ප්‍රධාන වග උත්තරකරුවා COVID-19 වෛරසය නොවන බවයි.

මෙම ආර්ථික අර්බූදය අපේ කාලයේ මුහණ දුන් එකම සහ විශාලතම ආර්ථික අර්බූදයයි. “මෙම අර්බූදය ලෝකය 2008 දී මුහුණ දුන් ආර්ථික අර්බූදයට වඩා තරමින් ඉතා විශාලයි.එපමණක් නොවෙයි1930 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයෙන් පසුව ඇතිවූ විශාලතම ආර්ථික අර්බූදයයි.” යනුවෙන් සිටීන් ජැකොබ්සන් මහතා අවධාරණය කළේය. මෙවැන්නක් සිදුවීමට හේතු භූත වූයේ ඉල්ලුම, සැපයුම් දම්වැල සහ බලශක්ති ක්ෂේත්‍රය යන ත්‍රිත්වයම එකම මොහොතේ කඩා වැටීමයි යනුවෙන් මාධ්‍යය වෙත පැහැදිලි කර සිටියේය.

වැඩිදුරටත් ලෝක ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඉහත කී සාධක තුනෙහි බිඳ වැටීම සහ ලෝකය පුරා සිදුවූ සමාජ දුරස්ථීකරණය ලෝක ජනයාගේ පරිභෝජන රටාව බිඳ වැට්ටවීමට හේතු වූ බවයි.ඔහුට අනුව ලෝක ආර්ථිකයෙන් 70% ක්ම ක්‍රියාත්මක වන්නේ පරිභෝජනය මතයි.

මාධ්‍යය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් “මෙතරම් විශාලත්වයකින් සිදුවන ලෝක ආර්ථික අර්බූදයක් අප අත්විඳින පළමු අවස්ථාව මෙයයි.2020 වසර යනු ලෝක ආර්ථිකයේ අවපාතය සිදුවන වසරයි.ඒ බව දැනටමත් තහවුරු කර හමාරයි.ඒ ගැන වද විඳීමෙන් පලක් නැහැ. හරියටම පැහැදිළියි දැන් අපි ලෝක ආර්ථික අර්බූදය අත් විඳිනවාමයි.” යනුවෙන් අවධාරණය කළේය.එහිදී මාධ්‍යයවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් පවසා සිටියේ ” 2020 වසරේ දෙවන කාර්තුව වන විට දළ දේශීය නිෂ්පාදනය 20% සිට 50% දක්වා පහත වැටෙනවා අනිවාර්යයි.

එපමණක් නොවෙයි වසර පුරාවටම දළ දේශීය නිෂ්පාදනය දිගින් දිගටම බිඳ වැටෙනවා.”යනුවෙනි. ආර්ථික විද්‍යාඥයාගේ පැහැදිලි කිරීමට අනුව ඉතාම පැහැදිලිව ඇතිවූ ආර්ථික අර්බූදය උච්ඡ ස්ථානයට පත්වීමට COVID-19 උත්තේජනයක් විය. “අප මෙතෙක් අණුගමනය කළ ආර්ථික මොඩලය ඉතාමත් සංසුන් මෙන්ම ණය මතම යැපෙන ස්වභාවයකට ඇද දමා තිබෙනවා.” යැයි ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා පවසා සිටියේය.

කෙසේ වුවත් COVID-19 වෛරසය ආර්ථික අර්බූදය වඩාත් තීව්‍ර කිරීමට බලපෑ බව ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා පැහැදිලි කරනු ලැබුවේය. ඔහුට අනුව 1920-1930 කාලය තුළ අත්විඳි තත්වයක් මෙතෙක් ලෝකය අත් විඳ නැත.ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා අවසන් වශයෙන් පවසා සිටියේ ” අප සැවොම ජීවත් වන්නේ ලෝක ආර්ථිකයට  කිනම් හෝ අකාරයකින් ගැට ගැහෙමිනුයි. එසේම මෙම ආර්ථික අවපාතයේ අතුපතර වලට අපි කුමණ ආකාරයකින් හෝ හසු වෙනවා.අද ලෝකය මුහුණ දෙන මෙම අභියෝගයේදී කිසිදු ජයග්‍රහකයෙකු නැත ඇත්තේ පරාජිතයන් පමණි.” යනුවෙනි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More