පුරවැසි කොලම

තියෙන්නේ 500යි. 2000ක් ඔනි.

March 27, 2020 12:25 am | Lanka Lead News

මේ දවස් වල ගොඩක් අය පරණ photo උඩට ගන්නවා. අපිත් පරණ මතකයන් කිහිපයක් අවුස්සන්න හිතුවා.දින දෙක තුනකට කලින් තිබුණු පක්ෂ නායක රැස්වීමේදී රනිල් කියපු කතාව මතකද? රනිල් කීවේ සාමාන්‍ය කාලෙකදීත් දැඩි සත්කාර ඒකක ඇඳන් 2000ක්වත් ඕන, ඒත් තියෙන්නේ 500යි, මේ වගේ වසංගතයකට මුහුණ දෙන්න බෑ කියලා. ඒකට මහින්දත් ඔලුව වැනුවා.

හරියට රනිලුයි මහින්දයි නියෝජනය කරන දක්ෂිණාංශික දේශපාලන කඳවුරු දෙක දශක හතක් තිස්සේ රෝහල් වලට දැඩි සත්කාර ඒකක හැදුවා, අපි ඒවා වැහුවා වගේ. ප්‍රගතිශීලී බලවේග ජනතාව අවදි කර සටන් කළේ නැත්නම් අද මේ තියෙන ICU ඇඳන් ප්‍රමාණයත් නෑ. බලංගොඩ, කන්තලේ දැඩි සත්කාර ඒකක වසා දමද්දී, රාගම හදිසි ප්‍රතිකාර ඒකක වසා දමද්දී කළ සටන් වල මතකයන්, එප්පාවල, දියබෙදුම රෝහල් සංවර්ධනය කිරීමට කළ සටන් වල මතකයන් නැවත උඩට ගත්තේ එදා කළ සටන් වල ප්‍රතිඵලයේ වැදගත්කම හොඳින්ම පෙනෙන්නේ දැන් නිසා. එදා මේ සටන් වලට එක්වුණේ සුළු පිරිසක්. සමහරු වැඩි උනන්දුවක් දැක්වූයේ නිදහස් සෞඛ්‍ය අයිතිය පිළිබඳ සටන්පාඨය ගැන නෙවෙයි, උද්ඝෝෂණ වල සිටි සංඛ්‍යාව ගැන.

අද කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දෙන්න හැකියාව ලැබී තිබෙන්නේ එදා සුළු පිරිසක් හෝ කළ අරගලය හරහා දිනාගත් අයිතීන් නිසා. සාමාන්‍ය තත්වයක් යටතේත් ICU ඇඳන් 2000ක් අවශ්‍ය බව රනිල් සහ මහින්ද කියනවානම්, එම ඉලක්කය කරා නිදහස් සෞඛ්‍ය සේවය ඔසවාලන්න හෙට සිට සටන් වදිමු.

Pubudu Jayagoda



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More