විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට 2013 වසරේ දී යවන ලද පෞද්ගලික ලිපියක් පිළිබඳ අනාවරණය වී තිබේ. එම වසරේ මොස්කව්හි පැවැති ‘විශ්ව රූ රැජිණ’ තරඟයට සහභාගි වන්නැයි ට‍්‍රම්ප් මෙම ලිපිය මගින් ඉල්ලා තිබුණි. මෙම ලිපිය ලියා තිබුණේ ට‍්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා වීමටත් පෙර ය. රුසියාවේ මොස්කව්හි පැවැති එම විශ්ව රූ රැුජිණ තරගය සංවිධාන කොට තිබුණේ එකල ව්‍යාපාරිකයකු වූ ට‍්‍රම්ප් හා ක්‍රෝකස් සමූහ ව්‍යාපාරය එ්කාබද්ධවයි.

යතුරුලියනය කරන ලද එම ලිපියට ට‍්‍රම්ප්ගේ අත්අකුරින් පාද සටහනක් ද දක්වා තිබේ. පාද සටහනින් ට‍්‍රම්ප් පවසා ඇත්තේ විශ්ව රූ රැජිණ තරගය බැලීමට එන ගමනේ දී ‘ලස්සන කාන්තාවන්’ දැකගත හැකි බවයි. මෙම ලිපිය පුටින් වෙත ලැබුණේ ද ඊට පුටින් ප‍්‍රතිචාර දැක්වීද යන්න පිළිබඳ හෙළිවී නැත. පුටින් වසර ගණනාවක් තිස්සේ සැලසුම්සහගතව ට‍්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්කිරීමට කටයුතු කළ බවටත් දෙදෙනා අතර පවතින සබඳතාව පිළිබඳවත් එල්ල වූ චෝදනා සොයාබැලීම සඳහා දැනට සිදුකෙරෙමින් පවතින විශේෂ විමර්ශනයට ද මෙම ලිපිය ප‍්‍රබල සාක්ෂියක් වී තිබේ. මෙම ලිපිය ආන්දෝලනයට තුඩුදීමට හේතුවී ඇත්තේ එයයි.

මයිකල් ඉසිකොෆ් හා ඬේවිඞ් කෝන්ගේ නවතම කෘතිය වන zRussian Roulette: Inside Putin’s War on America and the Election of Donald Trump.Z ග‍්‍රන්ථයට අනුව මෙම කරුණු අනාවරණ වී ඇත. එම ග‍්‍රන්ථයෙන් හෙළිකරන්නේ ද ‘මොස්කව් රූ රැුජිණ තරගයෙන් ඇරඹි ට‍්‍රම්ප් හා පුටින්ගේ ලෝකය හෙල්ලූ නින්දිත සූදුව’ පිළිබඳව යැයි කතෘවරුන් දක්වා තිබේ.

ප‍්‍රථම වරට රුසියාවේ පැවැති එම විශ්ව රූ රැුජිණ තරගයට රුසියානු ජනාධිපතිවරයා කැඳවා ගෙන එ්මේ කොන්ත‍්‍රාත්තුව ක්‍රෝකස් සමූහ ව්‍යාපාර හිමිකරු සමඟ ට‍්‍රම්ප් අත්සන් තබා තිබුණේ කලකට පෙර ලාස් වේගාස්හි පැවැති ‘අමෙරිකානු රූ රැුජිණ’ තරගයේදී ය. රූ රැුජිණ තරග මිලදී ගනිමින් ට‍්‍රම්ප් කලක සිට තම ව්‍යාපාරික නාමය ඊට අලවාගෙන තිබුණි.

කෙසේවෙතත් ට‍්‍රම්ප්ගේ ඉල්ලීමට පුටින්ගේ ප‍්‍රතිචාරය ක්‍රෝකස් සමූහ ව්‍යාපාරය අධිපතිවරයා විසින් යවා තිබුණේ ‘රුසියානු ජනාධිපතිවරයා මොස්කව් රූ රැුජිණ තරගයට සහභාගි වීම තහවුරු කර තිබෙනවා’ යනුවෙනි. කෙසේවෙතත් අවසන් මොහොතේ දී පුටින්ට ඊට සහභාගි වීමට නොහැකි වී ඇති අතර එ් පිළිබඳ තම කනගාටුව ට‍්‍රම්ප් වෙත ප‍්‍රකාශ කර තිබුණි. ක්‍රෝකස් ව්‍යාපාර අධිපතිවරයා මාධ්‍ය වෙත එකල පවසා තිබුණේ එම ප‍්‍රතිචාරයෙන් ට‍්‍රම්ප් මහත් සතුටින් ඉපිල ගිය බවයි. ඩොලර් මිලියන 20ක් ගෙවා විශ්ව රූ රැුජිණ තරගය මොස්කව්හි පැවැත්වීමට ට‍්‍රම්ප් කටයුතු කර තිබුණේ පුටින්ගේ පෞද්ගලික අවධානය ලබාගැනීම උදෙසා ඔහු ‘අල්ලාගැනීමට’ බව ද එහි සඳහන් ය. කෙසේවෙතත් ඉන්පසුව ද ට‍්‍රම්ප් හා පුටින් අතර සිදුවූ දේ පිළිබඳ මෙමගින් විස්තර කර තිබේ.

2016 පැවැති අමෙරිකානු ජනාධිපතිවරණ සමයේ සිට ට‍්‍රම්ප්ට එල්ල වූ ‘පුටින්ගේ නියොජිතයා’ යන චෝදනාව පිළිබඳ විමර්ශනයක් සිදුවෙමින් පවතී. මෙම ලිපියත් සමඟ ඔවුන්ගේ විමර්ශන ද නව මඟකට හැරෙනු ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More