විදේශ පුවත්

අසල්වැසි ඉන්දියාව මුහුණ දී ඇති COVID-19 වසංගතයෙන් බේරා ගැනීම සඳහා සති තුනක කාලයක් මුළු ඉන්දියාවටම ඇඳිරි නීතිය පැන වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා කටයුතු කර සිටියේ 24 වනදා මැදියම් රැයේදී සිටය.

ඉන්දියාව වැනි දුප්පතුන් විශාල පිරිසක් එරට නගර ආශ්‍රිතව ජීවත් වන තත්වයක් තුළ සති තුනකට ඇඳිරි නීතිය පැනවීම එම ජනතාවට අතිශය දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදු වේ.

එහෙත් එම දුෂ්කරතා ඉවසා දරා ගෙන වසංගතයෙන් බේරී සිටිනවාද නැතහොත් සුළු කාලයක් කුස පුරවා ගෙන වසංගතය වැලඳ ගන්නවාද යන තෝරා ගැනීම් දෙකෙන් ඉන්දියාව දෙවැනි තෝරා ගැනීම ඉතා නිර්භීතව කරනු ලැබීය.

කෙසේ වුවත් සෞඛ්‍යය බළධාරීන්ට රජය ගත් තීරණයට අනුව ජනතාව හසුරුවා ගැනීම ලේසි පහසු නැත.එම නිසාම ඉන්දීය පොලීසිය සහ ඉන්දීය හමුදාව ඒ වෙනුවෙන් යොදා ගැනීමට අගමැති මෝඩි ගේ ආන්ඩුවට සිදුවිය. ඒ අනුව ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉන්දීය පොලිසිය ඉහලින්ම ඉටු කරමින් සිටින්නේ ඇඳිරි නීති රෙගුලාසි කඩ කරන ඉන්දීය පුරවැසියන්ට එලව එලවා පහර දීමෙනි.

නමුත් එයට එරෙහිව හඬ නැගීමට විරුද්ධ පක්ෂයක් හෝ මාක්ස්වාදී ඉන්දීය පක්ෂ මෙතෙක් පෙරට විත් නැත. පහත පලවන්නේ ඉන්දීය පොලීසිය ඇඳිරිනීතිය අකුරටම පිළි පදින වීඩියෝ දර්ශනයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

আমাদের সোনার ছেলেদের এই কাজে লাগানো যেতে পারে।স্থানঃ পশ্চিমবঙ্গ।

Gepostet von Kazi Mostafizur Rahman Ahad am Dienstag, 24. März 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More