ව්‍යාපාරික පුවත්

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.

“පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය.

කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට එම වැඩපිළිවෙල අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරඇති බව නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ මැනිං ‍වෙළඳපොලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං ‍පොදු වෙළඳ සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ හෙට දිනයේ පුරුදු පරිදි තොග වෙළදාම් කටයුතු සිදු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More