විදේශ පුවත්

දැනට COVID-19 වෛරසය වේගයෙන් පැතිර යන රටක් ලෙසත් වෛරසය පැතිරීයාම පාලනය කිරීමට ප්‍රමානවත් ක්‍රියාමාර්ග ගෙන නැති රටක් ලෙසත් හඳුනාගෙන ඇති අමෙරිකා එක්සත් ජනපදය තුළ සිරවී සිටින වෙනිසියුලානුවන් 800 දෙනෙකු ආපසු සියරටට ගෙන්වා ගැනීමට වෙනිසියුලානු රජය ගන්නා උත්සාහය අමෙරිකානු රජය විසින් වලක්වා ඇති බව විදෙස් මාධ්‍යය පවසා සිටී. ඒ සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරන වෙනිසියුලානු විදේශ අමාත්‍යය ජොර්ජ් අරෙයිසා මහතා පවසා සිටින්නේ ” වෙනිසියුලානු තානාපති සේවයේ යාන්ත්‍රණය තුළ ලියාපදිංචී වී සිටින 800කට වැඩි අමෙරිකාවේ සිටින වෙනිසියුලානුවන් පිරිසක් ආපසු කැඳවා ගැනීමට අමෙරිකානු රජය පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසියුලානු ගුවන් සේවයේ ගුවන් යානා එරටට ඇතුලු වීමටත් ඔවුන්ව ආපසු ගෙන්වා ගැනීමටත් බරපතල ලෙස හානි පමුණුවා තිබෙනවා.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පවසා සිටින්නේ “මම අමෙරිකානු ආන්ඩුවට බල කර කියා සිටීමට කැමතියි, මානුෂීය හේතු මත සම්බාධක ලිහිල් කිරීමට කිසිදු බාධාවක් තිබිය නොහැකියි කියා.ඒ වගේම මගේ රටේ ජනයාට නැවත තම මව් රටට පැමිණීමට උවමනා නම් ලෝකයේ ඕනෑම තැනකට අපේ ගුවන් යානයක් යවා ඔවුන්ව රැගෙන ඒමට අප සූදානම් ” යනුවෙනි.

ජෝන් හොප්කින්ස් ආයාතනයේ සංඛ්‍යා දත්ත වාර්තා වලට අනුව වෙනිසියුලාව තුළ COVID-19 වෛරසය ආසාදිතයන් ඇත්තේ 84ක් පමණි. නමුත් අමෙරිකාව තුළ COVID-19 ආසාදිතයන් 50000 ඉක්මවා සොයාගෙන ඇති අතර COVID-19 වෛරසය පැතිරී යාම සම්බන්ධයෙන් කරනු ලබන ගනනය කිරීම් වලදී අමෙරිකාව දැනට ලෝකයේ තුන්වන විශාලතම තැවි තිත(Hot Spot )බවට පත්වී ඇත. තවද මේ වන විට චීනය මෙන්ම ඉරානයද තවත් රටවල විවිධ නායකයෝද COVID-19 වෛරසය අමෙරිකානු නිෂ්පාදනයක් බවත් එය හිතාමතා තම රටවල් අපහසුතාවයට පත් කිරීමට යොදා ගත්තක් බවත් යන චෝදනාව එල්ල කරමින් පවතී.

ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More