දේශීය පුවත්

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කිරිම

1. කොරෝනා වෛරසය තුරන් කිරීම මූලික අරමුණ වශයෙන් තබාගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි “සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහිටුවා ඇති අතර එම අරමුදල සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන සියයක් මේ වන විටත් බැර කොට ඇත.

2. ජාතික විදවද් භික්ෂු සංසදයේ ගෞරවණීය ඉල්ලීම අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ගරු උපදේශක, කැලණිය නාගානන්ද විශ්වවිද්‍යාලයේ උපකුපති ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රුපියල් ලක්ෂ සියයක (රුපියල් මිලියන දහයක) මුදලක් පරිත්‍යාග කිරීමට කැමැත්ත
පළ කර ඇති අතර ජාතික විද්වද් භික්ෂු සංසදයේ සාමාජික භික්ෂූන් වහන්සේලා සහ විශ්වවිද්‍යාලයවල ආචාර්ය ස්වාමීන් වහන්සේලා ද මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර ඇත.

3. මෙම අරමුදලට ආධාර ලබා දී ජාතියේ සෞඛ්‍යය හා සමාජ සංරක්ෂණය සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් ගනු ලබන ප්‍රයත්නයට දායක වන මෙන් දේශීය හා විදේශීය මහා සංඝරත්නයෙන් නමස්කාර පූර්වක ව ඉල්ලා සිටින අතර පොදු මහ ජනතාවට ද මෙම අරමුදල සඳහා හැකි පමණින් දායක වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර
ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර
(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)

කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.

එය “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” (COVID -19 Health Care and Social Security Fund) ලෙස නම් කර ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත.

ගිණුම් අංකය 85737373 වේ.

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක සංරක්ෂන අරමුදලට මුදල පරිත්‍යග කිරිම

ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක සංරක්ෂන අරමුදලට මුදල පරිත්‍යග කිරිමජාතික විද්වද් භික්ෂු සංසදය මගින් සෞඛ්‍ය හා සමාජ සංරක සංරක්ෂන අරමුදලට මුදල පරිත්‍යග කිරිම1. කොරෝනා වෛරසය තුරන් කිරීම මූලික අරමුණ වශයෙන් තබාගෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමැතිතුමාගේ උපදෙස් පරිදි “සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” නමින් අරමුදලක් පිහටි වා ඇති අතර එම අරමුදල සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන සයි යක් මේ වන විටත් බැර කොට ඇත.2. ජාතික විදවද් භික්ෂු සංසදයේ ගෞරවණීය ඉල්ලීම අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ජාත්‍යන්තර සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ගරු උපදේශක, කැලණිය නාගානන්ද විශ්වවිද්‍යාලයේ උපකුපති ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසනි රුපියල් ලක්ෂ සියයක (රුපියල් මිලියන දහයක) මුදලක් පරිත්‍යාග කිරීමට කැමැත්තපළ කර ඇති අතර ජාතික විද්වද් භික්ෂු සංසදයේ සාමාජික භික්ෂූන් වහන්සේලා සහ විශ්වවිද්‍යාලයවල ආචාර්ය ස්වාමීන් වහන්සේලාද මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර ඇත.3. මෙම අරමුදලට ආධාර ලබා දී ජාතියේ සෞඛ්‍යය හා සමාජ සංරක්ෂණය සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් ගනුලබන ප්‍රයත්නයට දායක වන මෙන් දේශීය හා විදේශීය මහා සංඝරත්නයෙන් නමසක්ර පූර්වක ව ඉල්ලා සිටින අතරපොදු මහ ජනතාවට ද මෙම අරමුදල සඳහා හැකි පමණින් දායක වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.මහාචාර්ය මැදගොඩ අභයතිස්ස සථ් විරආචාර්ය මාදුරුඔයේ ධම්මිසර ස්ථවිර(සංවිධායක මණ්ඩලය වෙනුවෙන්)

Gepostet von Samannesana සමන්නේසනා am Dienstag, 24. März 2020



One thought on “නුතන භික්ෂුන්ගේ කාර්යභාරය ජාතික විද්වද් භික්ෂු සංසදය නැවතත් සියතට ගනි. සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලක්ෂ සියයක්”

Leave a Reply to Gamni Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More