විදේශ පුවත්

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට චීනය තීරණය කර තිබේ.

දකුණු ආසියානු රටවලට පැතිරගොස් ඇති කොරෝනා වයිරසය හේතුවෙන් නව දිල්ලියේ පටන් මුළු ඉන්දියාවටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ආරක්ෂණ විධි විධාන අනුව මේවනවිට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබේ.

චීනය පසුගිය සති අන්තයේ බීජිං නුවරදී, දකුණු ආසියානු රටවල් සමඟ වීඩියෝ ආධාරයෙන් සමුළුවක් පැවැත්වීය. මේ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය, පකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය යන රටවල්වලින් සෞඛ්‍ය නිලධාරීහු, ආරක්ෂක නිලධාරීහු ඇතුළු 2000ක පමණ පිරිසක් එක්ව සිටියහ.

වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥවරු සමඟ සාකච්ඡා කළ මෙම අවස්ථාවේදී චීනයේ විදෙස් කටයුතු අමාත්‍යංශය එහිදී ඉන්දියාවට උපකාර කිරීමට එකඟ විය.

‘ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් මේ සමුළුවට විවිධ රටවලින් පිරිසක් පැමිණියා. චීනයේ ව්‍යාප්ත වූ වයිරසය සම්බන්ධයෙන් සියලු පැති ආවරණය කරමින් ප්‍රශ්න 80ක් පමණ අපි එහිදී සාකච්ඡා කළා’ යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෙන් ෂුවෑන් මහතා ඊයේ එම අමාත්‍යංශයේදී පැවසීය.

‘වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරද්දී, ලෝක ජනගහනයෙන් බහුතරය සිටින රටවල් ලෙස චීනය සහ ඉන්දියාව සැලකීම ගැන සිතන්න වෙනවා. අපි හැමෝටම මේ වයිරසය අභියෝගයක්. අපි කැමතියි අපේ අත්දැකීම් බෙදාගන්න. ඉන්දියාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න. ඉන්දියාවත් චීනයත් දැන් මේ ගැන කතාකරමින් ඉන්නවා. අපි ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතාව ගැනත් හිතනවා’

‘ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා, චීන ජනපති ෂී ජින්පින් මහතාට ලිපියක් යොමු කරලා තිබුණා. ඒවගේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය චීනය සමඟ සාකච්ඡා පැවැත්වූවා. ඉන්දියාවෙන් ලැබුණු ඒ ප්‍රතිචාරය ප්‍රශංසනීයයි’ යැයිද ඔහු කීය.

පසුගිය පෙබරවාරි මාසයේදී චීනයට කොරෝනා වයිරසය දැඩිව බලපෑ අවස්ථාවේදී ඉන්දියාව ටොන් 15ක පමණ වෛද්‍ය උපකරණ චීනයට යවා ඇත. ඉන්දීය ගුවන් හමුදාව විසින් වූහාන් සහ හුබෙයි පළාත්වල සිටි ඉන්දියානු ජාතිකයන් 100දෙනෙකු රැගෙන එන ලදී.

(හින්දුස්ථාන් ටයිම්ස්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More