පුරවැසි කොලම

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

විශේෂයෙන්ම  හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල්වල සාමාජිකයන්ට වෙනස්කම් කිරීම්, පීඩාවන්ට පත්කිරීම සහ අපහසුතාවන්ට ලක් කර තිබීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෞඛ්‍යයට, පුද්ගලික ආරක්ෂාවට අවදානමක් පවතින අවස්ථාවක පවා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ගුවන් සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර ඇත.

එසේම, COVID-19 වෛයිරසය විසින් සිදුකරන ලද මෙම බරපතල හා අභියෝගාත්මක ගෝලීය අර්බුදය තුළ දී පවා  මගී හා භාණ්ඩ මෙහෙයුම් සහ භූමි සේවා සඳහා ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පැය 24 x7 අඛණ්ඩ සේවාවක් සපයයි.

ජාතික ගුවන් සේවය වශයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත කාර්යමණ්ඩලයට සිය රැකියාවේ ස්භාවය අනුව අනිවාර්යෙන්ම සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර සංචාරකයින් සහ ආනයනික හා අපනයනය කරන භාණ්ඩ සමඟ මුහුණට මුහුණලා කටයුතු කිරීමට සිදුව ඇත.

සිය මෙහෙයුම් කාර්ය මණ්ඩලය බෝවන රෝග තත්ත්වයන් යටතේ පියාසර කිරීම පිළිබඳ විධිමත් හා ආරක්ෂිත පුහුණුවක් ලබා ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව මෙහෙයුම් ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් යාවත්කාලීන වන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කිරීමට කැමතිය.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය විසින් ගුවන් කාර්ය මණ්ඩලය, තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හැසිරවීමේ අංශ සඳහා නිකුත් කරන ලද ආරක්ෂාව සහ කාර්ය පටිපාටියන් සහ මග පෙන්වීම් සියල්ලම ගුවන් සේවය විසින් සිදු කරයි.

ගුවන් සේවයේ ආයතනික සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් විසින් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල කායික සහ මානසික පැවැත්ම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන අතර මගීන්ගේ සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගුවන් යානා  ඉතා ගැඹුරින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි.

එම නිසා, වගකීමෙන් යුතුව තොරතුරු හුමවාරු කරගන්නා ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් ගුවන් සේවය ඉතා කාරුණිකව ඉල්ලා සිටියි.

තවද එවැනි අසත්‍ය තොරතුරු සහ ප්‍රවෘත්ති වල සත්‍යතාව පිළිබඳව අවබෝධයෙන් සිටිමින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනස් කොට සැලකීම, පීඩාවට පත් කිරීම හෝ අපහාස කිරීම මෙන්ම  සමාජ මාධ්‍ය හරහා එවැනි අන්තර්ගතයන් පළ කිරීමෙන් හෝ බෙදා ගැනීමෙන් වළකින ලෙස ද ගුවන් සේවය ඉල්ලා සිටියි.

ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය රාජකාරියට වඩා ඉක්මවා ගිය ජාතික වගකීමක් ඉටු කරමින් සිටින අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද එහි කොටස් කරුවන් වී සිටියි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සියළුම මහජනතාව වෙත මෙම ආයාචනය සිදු කරන්නේ සියලු ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට සහයෝගය දැක්වීම සහ ධෛර්ය ලබාදෙන  ලෙසයි.

එසේම දැනට ඔවුන් විශාල පෞද්ගලික අවදානමකට මුහුණ දෙමින් මිල කළ නොහැකි සේවයක් ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සෙසු පුරවැසියන්ගේ යහපත හා යහපැවැත්ම උදෙසා  සහ අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකා රජය විසින් ජාතික ගුවන් සේවය වෙත පවරා ඇති සියලු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බව ඔබ සැමට වටහා දීම සඳහාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More