දේශීය පුවත්

තමන් රාජපක්‍ෂ පවුලෙන් හෝ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ගෙන් පලිනොගන්නා බවත් වැරදි කර ඇත්නම් ඕනෑම අයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතිය හා සාමය . පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුව බණ්‌ඩාර මහතා පැවසීය.

තමන් වෙත පැවරුණු රාජකාරිය නීතිගරුකව වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ උදාර සේවාවක්‌ ඉටු කරන පොලිස්‌ නිලධාරීන්ගේ සේවය ඇගැයීමක්‌ වශයෙන් ඔවුන් තව තවත් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව ද නීතිය සහ සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ප්‍රකාශ කළේය.

මෙම පොලිස්‌ නිලධාරීන් අතර පොලිසියේ නමට කැළල් ඇති කරන කීපදෙනකු ගැන අසන්නට ලැබුණු බව කී ඇමැතිවරයා එවැනි පොලිස්‌ නිලධාරීන්ට සමාවක්‌ නැතැයිද කීවේය.

මේ අතර මහනුවර සිද්ධිය මුල්කරගෙන ප්‍රචණ්‌ඩකාරී සිද්ධීන් ඇති කිරීමට උත්සාහ දරන ඕනෑම පුද්ගලයකු හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.

මහනුවර සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඒ සඳහා ඔවුන් ප්‍රකෝප කළ පුද්ගලයන් පිළිබඳව ද තොරතුරු සොයා ගන්නා ලෙස පරීක්‍ෂණ පවත්වනු ලබන පොලිස්‌ කණ්‌ඩායම්වලට තමා උපදෙස්‌ දුන් බවද හෙතෙම පැවසීය.

මෙම සිද්ධීන් තුළින් රට පස්‌සට යැමට ඉඩ නොදෙන බව කී ඇමැතිවරයා මහනුවර සිද්ධීන් ගැන කට කතා මගින් හෝ බොරු ගොතා ප්‍රකාශ කරන්නේ නම් ඔවුන් ද නීතියේ රැහැනට කොටු කර ගන්නා බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More