ප‍්‍රධාන පුවත්

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විදින ඉතාලිය මේ වන විට ඉතිහාසයේ දැවැන්ත කඩා වැටිමකට ලක්ව ඇත.

පසුගිය දින කිහිපය පුරාම ඉතාලියේ දිනකට පුද්ගලයින් 600 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා වෛරසයට ගොදුරුව ජිවිතයෙන් සමුගන්නට සිදුවුණා.

යුරෝපා සංගමයේද වැඩි අවධානයක් යොමු නොවන ඉතාලියේ සහයට රුසියානුවන් ඉදිරිපත්ව සිටී.

රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින් මහතා ඇතුලු රුසියානු හමුදාව ඊට පෙරමුණ ගෙන ඇත.

පුටීන්ගේ නියමයෙන් රුසියානු වෛද්‍ය බලකායට අයත් ගුවන් යානා 08 ක් මේ වන විට ඉතාලියට පැමිණ ඇත්තේ වෛද්‍යාධාර උපකරණ / ජංගම සුවසේවා ඇතුලු තවත් උපකරණ රැසක් ද සමගයි.

විශේෂත්වය වන්නේ මෙම බලකායට රුසියානු මිලිටරි සේවයේ වසංගත රෝග පිළිබද මනා අත්දැකීම් ඇති වෛද්‍යවරුන් 100 ක් ද එක්ම සිටීමයි.

ඉතාලිය මුහුණ දී සිටින තත්වය පිළිබද අවධානය යොමු කළ රුසියානු ජනාධිපති පුටීන් දුරකතනයෙන් ඉතාලි ජනාධිපතිවරයා ඇමතීය.

එහි ප්‍රථිපලයක් ලෙසයි හුදකලා වු ඉතාලියේ සහයට රුසියාව එක්වන්නේ.

ඉතාලි මිලිටරි සේවා විසින් රුසියානු සහයක බලකාය හරසරින් පිළිගෙන ඇති අතර ඔවුන් From Russia With Love ලෙස සටහන් කර ඇති ධජ අතැතිව රුසියානු විශේෂ බලකාය පිළිගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More