විදේශ පුවත්

⁣මගීන් 682 ක් සහ කාර්යය මණ්ඩලය 381ක් රැගත් නෞකාවේ කොරෝනා රෝගීන් 5ක්ද රෝග ලක්ෂණ පෙන්නුම්කරන 42ක පිරිසක්ද සිටිබව වාර්තාවේ. කිසිඳු රටකින් බාරගැනීමට අකමැති වූ එම නෞකාව, යම් රටකින් අවසරය ලබාගන්නා තෙක් මුහුදේ නැංගුරම්ලා සිට ඇති අතර කියුබාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.
“මෙය සෞඛ්‍යය මානව අයිතිවාසිකමක් ලෙස වටහා ගතයුතු , අපගේ පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළයුතු සහ විප්ලවයේ හා අපේ ජනතාවගේ මානවවාදී භාවිතයට ආවේණික වූ සාරධර්ම පෙන්වන සහයෝගීතාවයේ කාලයක්”

-කියුබාව
දැන් අප ඔබෙන් විමසීමට සූදානම්ය. ජාත්‍යයන්තර සහයෝගීතාව මත පදනම් වූ කොමියුනිස්ට් විකල්පයක් හැර වෙනත් කලයුතු යමක් තිබේද? ඔබට ඇති අනෙක් මාවත නම්, චීන පන්නයේ ඒකාධිකාරී, කැමරාමගින් නිරීක්ෂණය කරන, වයසින් වැඩි පිරිස් මියයාමට ඉඩහරින, සත්‍යය තොරතුරු පිටට ලබාදෙන මාධ්‍යවේදීන්ව අතුරුදහන් කරවන, ශක්තිවන්තයා ජයගන්නා කෲරත්වයයි.

කොමියුනිස්ට්වාදීන් ලෙස අප බලකර සිටින්නේ ජාත්‍යන්තර සහයෝගීතාවය වෙතයි. අප තෝරාගන්නේ කෲරත්වය වෙනුවට ආදරයයි. ලෝකයෙන් පිටමංකර ඇති නෞකාවක සිටින මිනිස් ජීවිත දහසක් වෙනුවෙන් අප දොර කවුලු විවර කිරීමට සූදානම්ය. එය හුදු මෝඩ අනුරාගයක් පමණක් නොවන්නේ එහි පදනමම ගැඹුරු, ස්ථිර හා අවංක කැපකිරීම් සහ සැලසුම්වලින් සැදුම්ලත් නිසාය. අප විප්ලවයේ නම නොපැකිලී කියන්නේ එනිසාය. එබැවින් අප ඉල්ලා සිටින්නේ කොරෝනා විසින් ලෝකයට කියාදෙන දෑ බැරෑරුම්ව ගන්නා ලෙසයි.

මේක නිවැරදි පුවතක්ද කියල පරික්ෂා කරද්දී UK වල Independent web අඩවියේ තහවුරු කරලා තිබුනා මෙහෙම.
” In a sign of true global solidarity, Cuba today allowed MS Braemer, a British cruise ship, to dock on its shores despite having at least five confirmed coronavirus cases on board and another 52 passengers displaying symptoms. The ship, with over 600 mainly British passengers, had no Cuban nationals on board but had requested help from both Cuba and the US.”
##උපුටාගැනීමකි##



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More