හෝමාගම මුලික රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන බව හෝමාගම මුලික රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
දැනට එම රෝහලේ සිටින රෝගින් වෙනත් රෝහලකට මාරු කර යවන බවද වෛද්‍යවරයා සදහන් කළේය.
ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1) දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවෙස් වලට යවන ලෙසත් , අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල් වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් දන්වා තිබෙන අතර රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් දන්වා තිබෙනවා.
2) දැනට රෝහල තුළ කිරීමට සැලසුම් කර ඇති ශල්‍යකර්ම හා සැලසුම් කර ඇති වෙනත් ප්‍රතිකාර නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ සඳහන්.
3) එළැඹෙන සදුදා දින(23) සිට සතියක කාලයක් තුළ ඖෂධවේදීන් මගින් මාස 1 ක කාලයකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඊළඟ සතියේ සිට සායන නවත්වන ලෙසත් දන්වා තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...