දේශීය පුවත්

සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා  කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු  ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ.

එම තත්ත්ය අනාවරණය වීමෙන් පසුව කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් දැඩි නොසන්සුන්තාවයකට පත්ව සිටින බවද වාර්තා වේ .

පොල්ගහවෙල පදිංචිකරුවකු වන මෙම 37 හැවිරිදි තැනැත්තා ඉතාලියේ සිට ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 8 වැනිදාය. පසුව ඔහු නිරෝධායන කටයුතු සඳහා නොගොස් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවසේ රැඳී සිටියදී පසුගිය 16 වන දින අසල්වාසියකු සමග ආරවුලක් ඇති කරගෙන එම පුද්ගලයාට පිහියකින් පහරදී තුවාල කර ඇත .

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වැල්ලව පොලීසියට බාරවී තිබේ. එසේ බාරවූ සැකකරු ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටින පුද්ගලයෙකු බව දැනගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 1 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නමුත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වන අනතුරුදායක බව වටහාගත් කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් එම පුද්ගලයා දැඩි පරිශ්‍රමයක් යොදා කොරෝනා ආසාදිතයකු දැයි දැන ගැනීමට මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. නිසි පරීක්ෂණයකට ලක් නොවී එම රෝහලේ දින දෙකක් රඳවා සිටි සැකකරු ටිකට් කපා රෝහලෙන් පිට කිරීම හේතුවෙන් නැවත බන්ධනාගාරය වෙත රැගෙනවිත් වෙනම රැඳවීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුව තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ඉතාලියේ සිට පැමිණ දින 14 ක් ගතවන්නේ අද (21) දිනට බවත් ඉන් පසුව නිරෝධායනයකට  ලක්නොවූ මොහුට කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වුවහොත් සම්පුර්ණ බන්ධනාගාරයම අනතුරට ලක්විය හැකි බවට බන්ධනාගාර නිලධාරීන් අනතුරු අඟවති .

කෑගල්ල බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 350 ක් පමණ වුවද මෙවනවිට එහි 900 කට ආසන්න රැඳවියන් පිරිසක් දැඩි අපහසුතා මධ්‍යයේ රඳවා සිටින බවද වාර්තා වේ .

සැකකරුගේ පහර දීමට ලක්වූ පුද්ගලයා මෙවනවිට සුවය ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More