කොරෝනා වෛරසය මැඩලිමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරෝනා වෛරස තත්වයක් සඳහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදි සිදු කෙරුණි.
එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ මහත්මිය (Dr. Razia Pendes) විසන් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දුන් බවයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසන්නේ,
‘පරිත්‍යාග කරන ලද උපකරණ තොගය අතර HDU Beds, Multipara Monitors, Pulse Oximeter, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table Top, High Flow Oxygen System තිබූ බව සඳහන්.‘
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Victoria Coakley, අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා ) වෛදය සුනිල් ද අල්විස්, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...