පුරවැසි කොලම

පලවෙනි ආසාධිතයා හම්බෙලා දැං සති දෙකක් වගේ ඇති. දැං මෙහෙ 700ක් . නමුත් නිරෝධායනය මධ්‍යස්ථාන නෑ. ගෙදර ඉන්න ඕනි. නිව්මෝනියා මට්ටමට ආවොත් හොස්පිට්ල් ගේනව. එහෙම 50ක් විතර ඉන්නව. ඒකෙන් 5 දෙනෙක් ටිකක් අමාරුයි කිව්ව.
රට ලොක්ඩව්න් කරල නෑ. එලියට යන්ඩ පුලුවන් , හැබැයි නීති තියෙනවා . අනිවාර්යයෙන් මූණුආවරනයක් පලදින්ඩ ඕනි.
හරි ලංකාවෙ වගේම තමා. යුරෝපෙත් මූණුආවරන හොයාගන්ඩ නෑ.ඉතිං ඒකත් රජයෙන් දෙනකං ඉන්ඩ මිනිස්සුන්ට පුරුදු නෑ. ගෙවල් වල මහගත්ත. නැතිඅයට ෆේස්බුක් එකෙන් අහගෙන තැපැල් කරා. මටත් එහෙම හම්බුනා.

එලියට යද්දී දෙන්නෙක් යන්න බෑ. රෙස්ටුරන්ට් හෝටල් ක්ලබ් ඔක්කොම වහල , හැබැයි takeaway කෑම විකුනනව. රෙදි කඩත් වහල. ඒව internet එකෙන් ගන්න පුලුවන් . සුපර්මාර්කට් ඇරල, හැබැයි සුපර්මාර්කට් , ෆාමසි, තැපැල් උදේ 7-9 වෙනකං ඇතුලට ගන්නෙ වයස 65ට වැඩි අය.

මූන ආවරනය කරල නැත්තං පොලීසියෙන් ඒ වෙලාවෙම දඩයක් ගහනව, යූරො 1000 ක. කොරෝනා පොසිටිව් වෙලත් තව අයට බෝවෙන විදියට හැසිරුනොත් රුපියල් කෝටි දෙකක් දඩ. කොරෝනා ටෙස්ට් කරන්ඩ යූරො 100ක් ගෙවන්ඩ ඕනි. සමහර රටවල 300ක්.

ස්විට්සර්ලන්තය ඇතුලුව සමහර රටවල වයස 65 ට වඩා වැඩි අයට බෙහෙත් කරන්නෙ නැ. බෙහෙත් නෑ, දොස්තරල නෑ… ලංකාවෙ ඔක්කොම නිකං, ඒ මදිවට තව ඕනි. අපි තෙල් අඩුවෙලා කියල දන්නෙ ලංකාවෙ උන් කියද්දි , මෙහෙ උන් අහන්නෙවත් නෑ. උබල වාසනාවන්තයි.
අඩුපාඩුම නෙවෙයි තමනුත් හැදෙන්ඩ. තමන් හැදුනම අනිත් උනුත් හැදෙයි. ෆේස්මාස්ක් එකක් අත්තම්මාට කියල මහගන්ඩ , පොශ් නෝනගෙ කක්ටුස් පෝච්චිවල මිරිස් ඇට වගේ වැඩක් ඇති ඇට හංගන්ඩ.
මේකෙ කොහෙවත් යන දේශපාලුවෝන්ට කඩේ යන්නෙ නැතුව වැදගත් දෙයක් රටට කරන්ඩ. රතු උන්ටත් එක්කම කිව්වේ 😋 වෙන රටවල ඉන්න අයගෙ අත්දැකීම් අහගන්ඩ බෙදාගන්ඩ කැමතියි . තෙරුවන්සරනින් උබලට , කිසිම අහින්සකයෙක්ට මොකුත් වෙන්ඩ එපා කියල ප්‍රාර්ථනා කරනව.
Stay home ❤️
-Akila de silva



One thought on “බුකී විද්වතුන්ගෙන් අවසරයි. Czech republic සිට ලියමි.”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More