ප‍්‍රධාන පුවත්

යුරෝපයේ ස්ථානගතව ඇති අමෙරිකානු යුද කඳවුරු වල සේවයේ නියතු සෙබළුන් සහ වෙනත් සේවකයන් 2600 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට පෙන්ටගනය කටයුතු කර ඇති බව මාධ්‍යය වාර්තා පවසයි. එම කඳවුරු වල සේවය කරනු ලබන අමෙරිකානු සෙබළුන් සහ වෙනත් සේවකයන් 35 දෙනෙකු
COVID-19 වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍යය විද්‍යාත්මකව තහවුරු කරගත් පසුව පෙන්ටගනය මෙම තීරණය ගත් බව වාර්තා වේ.

අමෙරිකානු හමුදාවේ යුරෝපා කලාපයේ අණ දෙන නිළධාරී මෙන්ම අමෙරිකානු ගුවන් හමුදාවේ ජෙනරල් ටොඩ් වොල්ටර් මාධ්‍යය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ යුරෝපය පුරා පිහිටි අමෙරිකානු කඳවුරු වල සිටින අමෙරිකානු සෙබළු 72,000ම COVID-19 ආසාදිත  අමෙරිකානු සෙබළුන් සහ අමෙරිකානු යුද කඳවුරු වල වෙසෙන වෙනත් සේවකයන් 35 දෙනා හේතුවෙන් වෛරසය බෝවීම වැලැක්වීම පිණිස විශේෂ ආරක්ෂක විධිවිධාන ගැනීමට යොමු කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ” අපි වියහැකි නරකම තත්වයට මුහුණ දීමට අපේ සෙබළුන් සූදානම් කරමින් සිටිනවා.” යැයි පැවසුවේය. මාස ගනනක් ගතවනතෙක් හඳුන්වා දුන් විශේෂ ක්‍රමවේදය යුරෝපයේ තිබෙන අමෙරිකානු කඳවුරු වල ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු වැඩි දුරටත් අවධාරනය කරනු ලැබුවේය.
කෙසේ වෙතත් අමෙරිකානු සෙබළුන් 2600 දෙනා ස්වයං නිරෝධායනයට ලක් කරන ක්‍රමවෙදය පිළිබඳව පැහැදිලි කිරීමක් නොකිරීමට පෙන්ටගනය වග බලාගෙන ඇත.

යුද විශ්ලේෂකයන්ට අනුව අමෙරිකානු හමුදාව මුහුණ දී ඇති නව තත්වය අත්ලාන්තික් කලාපයේ අමෙරිකානු හමුදා බලය පවත්වා ගැනීම ගැටලු සහගත තත්වයකට වර්ධනය වනු ඇති බව පැවසේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More