දේශීය පුවත්

කොවිඩ් 19 වැලඳී අයි.ඩී.එච්. රෝහලට යැවූ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරියට හා 12 හැවිරිදි දියණියටත් රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග ඔවුන් දෙදෙනා ද අද (19 වැනිදා) පස්වරුවේ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛය සේවා අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

මෙම පුද්ගලයාගේ බිරිඳ හා දියණිය පිළිබඳව සිදු කළ පරීක්ෂණ අනුව ඔවුන් දෙදෙනාටද මෙම රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගත්තා. ඒ අනුව ඔවුන් දෙදෙනාද අද අයි.ඩී.එච්. රෝහලට යැවීමට කටයුතු කළා.

මෙම පුද්ගලයා රත්නපුරේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අඹ ගහයට ප්‍රදේශයට හා තවත් ස්ථාන රැසකත් අවමඟුල් ගෙදරකටත් ගොස් ඇති බවට තහවුරු වී තිබීම නිසා ඔහු හා ළඟින් ඇසුරු කළ සියලුදෙනාට නිවෙස් තුළම නිරෝධායන කටයුතු සිදුකර ගන්නා ලෙසත් යම් සංකූලතාවක් දැනුනහොත් වහාම රෝහල් වෙත පැමිණෙන ලෙසත් දැනුම් දුන්නා. මෙම රෝගය තවත් කිහිප දෙනකුට හෝ වැලඳී ඇති බවට විශ්වාස කරනවා.

ඒ අනුව සියලු සෞඛ්‍ය අංශ මේ පිළිබඳව නිතර පසු විපරම් සිදු කරමින් අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා යැයි ද මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ සැක සහිත රෝගීන් 11 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද වෛද්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More