දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අතර ලබන සතිය වන විට එය ගැටලුවක් වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර කරන රෝගීන්ට රුධිර පට්ටිකා දෛනිකව ලබා දිය යුතුය. තවද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පට්ටිකා සාමාන්‍යයෙන් ගබඩා කර තබා ගත හැක්කේ දින පහක කාලසීමාවක් පමණි. තැලසීමියා රෝගීන්ටද දෛනිකව රුධිරය සැපයිය යුතුය. දිවයින පුරා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 105ක් ක්‍රියාත්මකය. දෛනික ජංගම රුධිර කඳවුරු පවත්වමින් රුධිර මධ්‍යස්ථාන රුධිර ඒකක 4000ක් එකතු කරයි. කොවිච් – 19 වෛරසය ව්‍යාප්ත වීම, ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජංගම රුධිර කඳවුරු පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

රුධිර සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා රුධිර පරිත්‍යාගශීලීන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ හෝ දිවයින පුරා මහා සහ ශික්ෂණ රෝහල්වල ඇති රුධිර මධ්‍යස්ථානවලට රුධිරය පරිත්‍යාග කළ හැකිය. 011-5332153 හෝ 011-5332154 යන දුරකථන අංකවලට අමතමින් වේලාව වෙන් කර ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ට අවස්ථාව උදාවන බව අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා රුධිරය පරිත්‍යාග කළ හැකි බව ඔහු අවධාරණය කර සිටි​යේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More