Uncategorized

රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අද (19) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩලය හා කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සභාපතිවරයා සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. මෙහිදී රජය විසින් ප්රකාශයට පත් කරනු ලබන ‘රජයේ නිවාඩු දිනවල‘ දී කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට තීරණය කර ඇත.

මේ අතර මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමක් වන බැවින් සහ ජනතාව එක්රැස් වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්යවස්ථාපිත ආයතන දුරස්ථ ක්රමවේදයක් අනුගමය කරමින් 2020 මාර්තු මස 20 දින සිට 27 දින දක්වා සිය කාර්යාලයීය රාජකාරී ඉටුකිරීම අපේක්ෂා කරන බවත්, ඉදිරියේ දී තෝරා ගත් යම් රාජ්ය සේවාවන් දුරස්ථ ක්රමවේදය යටතේ ක්රියාත්මක කිරීමට මෙම අත්දැකීම පාදක කරගැනීමට ද අපෙක්ෂා කරන බවත්, 2020 මාර්තු 21 හා 22 දෙදින හැරෙන්නට සෙසු දින මෙහිදී රජයේ නිවාඩු දින සේ නොසලකන බවත්, රජය වැඩිදුරටත් කියා සිටී.

මෙම තත්ත්වය තුළ රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කර නොමැති ඉදිරි දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ කටයුතු පවත්වාගෙන යනවා ද නැද්ද යන තීරණය ශ්රී ලංකා සුරැකුම්පත් කොමිසමේ හා කොටස් වෙළෙඳපොළ බලධාරීන් විසින් අද පස්වරුවේ දී ගැනීමට නියමිත බව අද දෙරණ වෙත වාර්තා වේ.

කෙසේ වෙතත් අද දෙරණ වෙත අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු කියා සිටියේ, පසුගිය දින 4ක කාලය තුළ, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමෙන් දිනකට ඒකක 200 බැගින් සියලු කොටස් මිල දර්ශකය පහළ යාම වළක්වා ගැනීමට හැකි වූ බවයි. පවතින ගෝලීය ආර්ථික පසුබිම තුළ ලොව සියලු කොටස් වෙළෙඳපොළ මේ වන විට කඩා වැටී ඇති බවත්, හැකිනම් තවදුරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ දින කිහිපයකට හෝ වසා දැමීමට කටයුතු කරන්නේ නම් එය හොඳ තීරණයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More