Uncategorized

නව කොරෝනා වෛරසයේ ව්යාප්තියත් සමඟ ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති අතර, ගමනාගමන, සංචාරක හා ගුවන්ගමන් ක්ෂේත්ර සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇත. එම රෝගය ආරම්භ වූ චීනය විසින් රෝගය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා අනුගමනය කරන ලද ක්රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරීමේ අවදානමෙන් මිදීමේ ලක්ෂණ එම රට පෙන්නුම් කළ ද මේ වන විට නව කොරෝනා වෛරසය ලොව පුරා දියුණු රටවල් ඇතුළු බොහෝ රටවලට පැතිර ගොස් ඇත.

මෙම තත්ත්වය යටතේ රට තුළ මහජන සෞඛ්ය සේවා සැපයීම, රෝගය නිවාරණය කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම, විශාල පරාසයක පැතිරුණු සේවා හා සැපයුම් සලසා දීම මෙන්ම සංචාරක, අපනයන, විදේශ රැකියා, තොරතුරු තාක්ෂණ සහ එම ක්ෂේත්රයන් හා සම්බන්ධිත සුළු ව්යාපාරවලට සිදු වී ඇති හානිය පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීම අත්යවශ්ය වී ඇත.

2020 මාර්තු මස 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාව වන විට 2020 වර්ෂය සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණ අතර ඒ වන විට අනුමත කර තිබූ අතුරු සම්මත ගිණුම මඟින් සලසා තිබූ ප්රතිපාදන, 2019 වර්ෂයට අදාළව ඖෂධ මිල දී ගැනීම්, පොහොර ප්රසම්පාදනයන් සහ විවිධ ඉදිකිරීම් සඳහා වන බිල්පත් නිරවුල් කිරීමට මෙන්ම 2020 මහ මැතිවරණය පැවැත්වීමේ කටයුතු සඳහා ප්රමාණවත් නොවීම මත අවශ්ය ප්රතිපාදන සලසා ගැනීම පිණිස රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා විපක්ෂයේ සහාය නොලැබීම හේතුවෙන් වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට රජයට සිදු විය.

එබැවින්, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව එම කාර්යයන් සඳහා අවශ්ය ප්රතිපාදන සලසා ගැනීම පිණිස වන විධිවිධාන මේ වන විට බලාත්මක කර ඇති අතර, ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් පහත සඳහන් පියවර ගනු ලැබ ඇත.

* හිඟ ඖෂධ බිල්පත් පියවීම සඳහා රුපියල් බිලියන 10ක් මුදා හැරීම.
* කොරෝනා මර්දන ක්රියාකාරකම් සඳහා රුපියල් මිලියන 500ක් මුදා හැරීම.
* පොහොර පරසම්පාදන බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 3ක් මුදා හැරීම.
* කුඩා හා මධ්ය පරිමාණ ඉදිකිරීම් කොන්තරාත්කරුවන්ගේ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 5ක් මුදා හැරීම.
* වසර දෙකක් පුරා ගෙවා නොමැති ජ්යෙෂ්ඨ පුරවැසි තැන්පතුවලට අදාළ පොලී සඳහා රුපියල් බිලියන 46ක් වෙන් කිරීම.
* 2020 මහ මැතිවරණය සඳහා අවශ්ය රුපියල් බිලියන 08ක ප්රතිපාදන සලසා ගැනීම.

ගෝලීය ආර්ථිකය තුළ නිර්මාණය වී ඇති මන්දගාමීත්වය හේතුවෙන් ආර්ථිකයේ පවතින අවදානම සැලකිල්ලට ගෙන මධ්යකාලීන දේශීය විසඳුම් කෙරෙහි යොමු වීමට බොහෝ රටවලට සිදු වී ඇත. ඒ අනුව, දැනට ලෝක වෙළඳපොළේ පවතින තෙල් මිල පහළ යාමේ ප්රවණතාව ද සැලකිල්ලට ගනිමින් ප්රශස්ත ප්රතිලාභ ලබාගැනීම කෙරෙහි රජය විසින් අවධානය යොමු කරනු ලැබ ඇති අතර අදාළ ක්ෂේත්රවල විශේෂඥයින්ගේ අදහස් සැලකිල්ලට ගෙන පහත සඳහන් යෝජනා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

* මාර්ග තදබදය අවම කිරීම සහ පොදු මහජනතාවගේ මෙන්ම පෞද්ගලික වාහනවල ප්රවාහනය පහසු කිරීම අරමුණු කරගෙන වර්තමාන වෙළඳපොළ තෙල් මිල එලෙසම පවත්වා ගැනීම.
* ඛනිජතෙල් ආනයනයේදී රජයට ලාභ සීමාවක් ලබා ගත හැකි ආකාරයෙන් ආනයන බද්දක් පැනවීම.
* ජාත්යන්තර වෙළඳපොළෙහි තෙල් මිල අඩුවීමෙන් ලැබෙන ඉතුරුම් යොදා ගනිමින් ඛනිජතෙල් ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීම හා මාස 06ක කාලසීමාවක් තුළ රුපියල් බිලියන 200ක මුදලක් එම අරමුදල යටතේ රැස් කිරීම.
* ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවිය යුතු ණය මුදල් අඩු කිරීමට හැකි වන පරිදි එකී අරමුදලින් රුපියල් බිලියන 50ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීම හා එමඟින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් නිරවුල් කිරීම.
* ඛනිජතෙල් මිල අඩුවීමේ වාසිය සැලකිල්ලට ගෙන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඝන තෙල් ලීටරයක මිල රුපියල් 70/- බැගින් ලංකා විදුලිබල මණ්ඩලයට සැපයීම සහ එමඟින් තාප විදුලිබල ජනනයට වැය වන වියදම රුපියල් බිලියන 30කට වඩා අඩු කර ගෙන බැංකු ණය සහ පොළී නිරවුල් කිරීම.

එමෙන්ම, රටේ බොහෝ ප්රදේශවල මේ වන විට නියං තත්ත්වයක් පැවතීමත්, වත්මන් තත්ත්වය යටතේ සාධාරණ මිලකට අත්යවශ්ය ආහාර සැපයීමේ අවශ්යතාවත් සැලකිල්ලට ගෙන පරිප්පු කිලෝග්රෑම් එකක (01) උපරිම සිල්ලර මිල රුපියල් 65/-ක් දක්වාත්, ටින් කළ මාළු ග්රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 100/- දක්වාත් අඩු කිරීමට සැලසුම් කර ඇත.

නව කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක, නිමි ඇඳුම්, වෙළඳ යන ක්ෂේත්රවල ව්යාපාර තිරසර අයුරින් පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් සහනයන් ලබා දීමට ද සැලසුම් කර ඇත.

* බැංකු සහ මූල්ය ආයතනවලින් ලබා ගෙන ඇති ණය ගෙවීම සඳහා මාස 06ක සහන කාලයක් ලබා දීම.
* විශේෂයෙන් තොරතුරු තාක්ෂණ සහ නිමි ඇඳුම් ක්ෂේත්ර සඳහා නම්යශීලී රාජකාරි කාලසීමාවක් හඳුන්වා දීම සහ අතිකාල දීමනා හා නිවාඩු දින ගෙවීම් සඳහා සහනයක් සැලසීම.
* 4%ක පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්රාග්ධන අවශ්යතා සලසා දීම.

අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් වැඩපිළිවෙල ක්රියාත්මක කිරීම සඳහා අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More