විදේශ පුවත්

COVID-19 වෛරස ආසාදනයෙන් ඉතාලියේදී මිය යන රෝගීන් සංඛ්යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මළ මිනී ආදාහනාගාර වෙත රැගෙන යාමට අවශ්යය වාහන පහසුකම් සොයා ගත නොහැකි වී ඇති තත්වයක් තුළ යුද හමුදා ට්රක් රථ ඒ සඳහා යොදා ගනු ලබන බව මාධ්යය වාර්තා පෙන්වා දෙයි. එක් වරම විශාල පිරිසක් මිය යාම හේතුවෙන් ආදාහනාගාරවල සේවකයන්ට දිවා රෑ නොබලා සේවය කිරීමට සිදුවී ඇතැයි ද මාධ්යය වාර්තා පෙන්වා දෙයි. ඉතාලියේ ලොම්බාඩි පලාතේ බෙර්ගාමෝ පළාත ආශ්රිතව මේ තත්වය දක්නට ලැබෙන බව එම පළාතේ සිටින ශ්රී ලාංකිකයෝ අප වෙත වාර්තා කර සිටියහ.

මේ අතර රුසියානු මාධ්යය එරටේ පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තා වූ බව වාර්තා කර සිටී.මිය ගිය රුසියානු ජාතික කාන්තාව 79 හැවිරිදි වියේ පසුවන දෙවෙනි වර්ගයේ දියවැඩියාව,ධමනි සම්බන්ධ රෝගී තත්වයන්, හෘදයාබාධ වැනි රෝග රැසකින් පෙළුනු කාන්තාවක් බව රුසියානු සෞඛ්යය අංශ පවසා සිටී.මේ වන විටCOVID-19 වෛරසය ආසාදිත මරණය සිදුවූ බව පවසා සිටී. කෙසේ වුවද COVID-19 වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනය තුළ කිසිදු නව රෝගියෙකු පසුගිය පැය 24 තුළ වාර්තා නොවූ බව චීන සෞඛ්යය අංශ පවසයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More