දේශීය පුවත්

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.

රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More