පසුගිය ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයකු ලෙස තරග කළ කටාර් රාජ්‍යයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිය.
බොරැල්ල ආසන සංවිධායක ලෙස පත්ව සිටින ලියනගේ මහතා ඊයේ (18දා) සිරිකොත එජාප මූලස්ථානයේදී නාම යෝජනා ලැයිස්තුවට අස්සන් කර තිබේ.
දිස්ත්‍රික් 22 සඳහා එජාපය තරග වැදීම සඳහා නාම යෝජනා ලැයිස්තු ඊයේ වනවිට සකස් කර අවසන් කර තිබූ අතර එම ලැයිස්තු එජාප නීති අංශයේ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙන බවද පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...