දේශීය පුවත්

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කෙරුණි.

පොලිස් මූලස්ථානය සදහන් කළේ එය පස්වරු 02.00ට නැවත පනවන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්රි‍ක්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට මෙලෙස පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය.

මේවනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 52 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබවයි.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 212 ක්.

මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් ගණන 2258ක්.

======================================
පුත්තලමේ ඇඳිරි නීතිය උදෑසන 8ට තාවකාලිකව ඉවතට – පැය 06කින් යලි පනවයි…

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැවවූ පොලිස් ඇදිරි නීතිය අද(19) පෙරවරු 8.00 සිට තාවකාලිකව ඉවත්කර නැවත පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙම ක්‍රියාමර්ගය ගෙන ඇති බව පොලීසිය පවසයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ඊයේ(18) තීරණය කර තිබුණි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට ඊයේ(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 7 කටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More