දේශීය පුවත්

නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ හැකි විෂබීජ හරණ හා පෙරනය සහිත වායුසමීකරණ යන්ත්‍රයක් නිපදවීමට බද්දේගම කාර්මිකයකු සමත්ව සිටියි.

මෙහි නිර්මාණකරු බද්දේගම රෝහල ඉදිරිපිට පදිංචි එච්.ඩබ්. තුෂාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතා වෘත්තියෙන් වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය හා අලුත්වැඩියා කරන්නෙකි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන ඔහු පාසල් අවධියේ සිටම මෙවැනි නව නිර්මාණ බිහි කිරීමට සමතකු වූ බව ලබා ඇති සම්මාන සහතිකවලින් සනාථ වේ.

ඔහු විසින් නිපදවා තිබෙන මෙම නවතම වායුසමීකරණ යන්ත්‍රය මගින් කොරෝනා ඇතුළු වෛරසයන් පෙරීමට ලක් කිරීම මෙන්ම එම වෛරසයන් පුලුස්සා විනාශ කිරී​මේ හැකියාවද ඇත. මෙම වායුසමීකරණ සඳහා වැය වන්නේ ඉතාම අඩු විදුලි බලයක් බවද හෙතෙම කියා සිටී. තවද ඔහු මෙම වායු සමන යන්ත්‍රය යොදා නිරෝධායන ඇඳක්ද නිර්මාණය කර තිබේ. ඒ මගින් නිවසේ කොවිඩ් ආසාදිතයකු වේ නම් නිවසේ අන් අයට ​රෝගය ව්‍යාප්ත නොවන අයුරින් නිරෝධායන කිරීමේ හැකියාවද මෙම යන්ත්‍රය සතුව පවතියි.

සිය නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූ තුෂාන් චන්ද්‍රතිලක මෙසේ පැවසීය.

‘‘මට මුලින්ම මෙවැනි නිර්මාණයක් කරන්න අදහසක් ආවේ 2018 වර්ෂයේ දී කරාපිටිය රෝහලේ විසබීජ පැතිරීමක් නිසා ළදරු ඒකකයේ එකදිගට සිදුවුණු ළමා මරණ වළක්වා ගැනීමේ අරමුණින්. විසබීජ පෙරන සහිත වායු සමීකරණ යන්ත්‍රයක් නිර්මාණය කළා. ඒ නිර්මාණයට ඒ අවුරුද්දේ නව නිපැයුම් අංශයේ ලෝකඩ පදක්කම හිමිවුණා.

2019 අවුරුද්දේ තමයි විෂබීජ ෆිල්ටර් කරලා විතරක් මදි විෂබීජ විනාශ කළ හැකි වායුසමීකරණයක් නිපදවන්න ඕනෑ කියන අදහස් ආවේ. ඒ අනුවයි මම මෙය නිර්මාණය කළේ. මේ මගින් ශීත ඌෂ්ණ හා සාමාන්‍ය වශයෙන් අවශ්‍ය ඕනෑම උෂ්ණත්වයකින් යුතු වායුව ලබාගත හැකියි. මෙම ඒකකය අවශ්‍ය නම් රෝගියාගේ ඇඳටම සවි කිරීමට හැකිවන ලෙසයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ සඳහා පසුගිය 2019 වර්ෂයේදී නව නිපැයුම් අංශයේ රිදී පදක්කම හිමිවුණා.

විශේෂයෙන්ම අද ලොවපුරා පැතිරී යන කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මෙය කදිම මෙවලමක් වෙනවා. දැන් ලොව පුරා සිදුවන නිවාරණ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ රෝගියා වෛරසයෙන් ආවරණය කිරීම. නමුත් මගේ මේ වායුසමීකරණ යන්ත්‍රයට පුළුවන් එම රෝගින්ගෙන් පිටවන වෛරස පවා විනාශ කරන්න. දැනට භාවිත කරන සාමාන්‍ය වායුසමීකරණවලින් ජෙලි වැනි ක්ෂූද්‍ර ජීවී වර්ධනය වීමක් දකින්නට ලැබෙනවා. නමුත් මා විසින් මෙම නිර්මාණයට යොදා තිබෙන උපක්‍රමය නිසාවෙන් එය මගහැරී තියෙනවා. ඒ අනුව නව නිපැයුම් කොමිසම මගින් මෙම වායුසමීකරණය ජාතික තාක්ෂණ ආයතනය හරහා පරීක්ෂාවට ලක්කර වාර්තාවක් ලබාදී තියෙනවා. මේ තුළින් සීග්‍රයෙන් දිලීර හා බැක්ටීරියා වර්ග අඩුවන බවය.

මයික්‍රෝන 100ත් 400ත් අතර විෂ්කම්භයක් තියෙන කොරෝනා ඇතුළු වෛරස සියල්ල මගේ හෙපා ෆිල්ටරයෙන් මයික්‍රෝන දශම 3 දක්වා පිරිසුදු වෙලා වාතය ලබාදෙනවා. මෙවැනි වායුසමීකරණ යන්ත්‍රයක් රෝහල්වල හා දැඩිසත්කාර ඒකකවල සවිකරන්න පුළුවන් නම් ඒක ඉතා සාර්ථක විසඳුමක්. මේ කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කරන්න. නිරෝධායන මධ්‍යස්ථානවලටත් මෙය ඒ සමාන සාර්ථක විසඳුමක් වෙනවා. මම මේ නිපදවල තියෙන්නේ මගේ වියදමින් කළ හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍රයක්, රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙය වැඩිදියුණු කරන්න උදව් කරනවා නම් මම කැමැතියි මෙම යන්ත්‍රය රටපුරා ව්‍යාප්ත කරන්න.

මේ සඳහා මම පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අයැදුම් කරලා තියෙනවා. ළඟදීම ඒ බලපත්‍ර ලැබේවි. මේ අවස්ථාවේ කොරෝනා වෛරසයෙන් ජනතාව මුදා ගැනීම සඳහා කිසියම් ආයතනයක් හෝ කෙනෙකු මෙය ව්‍යාප්ත කිරීමට සහය දක්වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න මම සූදානම්.’’

ජාතික තාක්ෂණ ආයතන‌යේ වාර්තාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More