දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය.

මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්ත ජාතිකයෙකි. හිටපු ඇමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙක්. එංගලන්ත ජාතිකයා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට ඊයේ (18 වැනිදා) උදෑසන කටුනායකදී සූදානම් වූ පසුව තම ලියකියවිලි දමා ඔහු හොර රහසේ එතැනින් පිටව ගොස් ඇත.

අනතුරුව මෙම විදේශිකයා අදාළ හිටපු ඇමැතිවරයා ලවා තම ලියකියවිලි මුදාගැනීමට කතා කර ඇත. හිටපු ඇමැතිවරයා කතා කළ පසුව තම ලියකියවිලි ගැනීමට යළි ආගමන විගමන කවුන්ටරය වෙත පැමිණි විදේශිකයා ආගමන විගමන නිලධාරීන් රඳවාගෙන ඇත.

එහිදී යළිත් ඔහු මුදාගැනීමට අදාළ හිටපු ඇමැතිවරයා කතා කර තිබුණද විදේශිකයා නිරෝධායනයට යැවීමට කටයුතු කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More