දේශීය පුවත්

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකට පාසල්, විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතනවලට යෑමට නොහැකි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය අද (18) ප්‍රකාශ කළේය.

මේ අනුව මිලියන 850 කට වැඩි තරුණ ප්‍රජාවට එලෙස පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි වී ඇත.

ලොව මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ අභියෝගයකට මුහුණ දී ඇතැයි ද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රටවල් 102ක් එම රටවල පාසල් වසා දමා ඇතැයි ද එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික (යුනෙස්කෝ) සංවිධානය සඳහන් කළේය. තවත් රටවල් 11 අර්ධ වශයෙන් පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දමා ඇතැයි ද එම රටවල් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඒවා වසා දමනු ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය සඳහන් කළේය.

‘‘ලොව පුරා දරු දැරියන් හා තරුණ තරුණියන් මිලියන 850කට වැඩි පිරිසකට ගෙවල්වල ඉන්න වෙලා. ඔවුන්ට පාසල් හෝ විශ්වවිද්‍යාලවලට යන්න විදියක් නැහැ. මේ ගණන ලෝකයේ ශිෂ්‍ය ජනගහනයෙන් හරි අඩක්’’ යැයි යුනෙස්කෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සංඛ්‍යා දත්තා දිනෙන් දින වැඩි වන බව ද එම සංවිධානය සඳහන් කළේය.

‘‘ඉතා වේගයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල වැසෙමින් තිබෙනවා. මෙය අපි කවදාවත් මුහුණ නොදුන් තත්ත්වයක්. මෙය අප හමුවේ තිබෙන විශාල අභියෝගයක්’’ යැයි ද යුනෙස්කෝ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

පාසල් වසා දැමීමත් සමඟ ඇතැම් රටවල් විඩියෝ තාක්ෂණය සහ ඉහළ තාක්ෂණික ක්‍රමවේද මඟින් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කර ඇත. ඇතැම් රටවල් රූපවාහිනි සහ ගුවන්විදුලි සේවා ඔස්සේ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ඒ.එෆ්.පී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More