ව්‍යාපාරික පුවත්

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය පහසුකමක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සහ චීන සංවර්ධන බැංකුව (සීඩීබී) අතර කොළඹ අරලිය ගහ මන්දිරයේදී මේ සඳහා වන ගිවිසුමට අත්සන් කළේය.

පොලී සහ සේවාකරණ කාලයේ සහන කොන්දේසි සහිතව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි වෙයි හා සීඩීබී උප සභාපති මා ෂින් මහතා මෙම අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මේ සඳහා හදිසි ඉල්ලීමක් කරන ලද අතර චීනය ඒ සඳහා කඩිනනි කටයතු කළේය.

මෙම ණය ගෙවීම සඳහා එය වසර 10 ක කල්පිරීමේ කාල පරිච්ඡේදයක් ලබාදී ඇති අතර එය ශ්‍රී ලංකාව සඳහා දීර්තම කාල පරිච්ඡේදයක් සහිත මූල්‍ය පහසුකමකි. එසේම මෙම ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් පවතී.

අරමුදල් ගලා ඒම මාර්තු අග වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මූල්‍ය කටයුතු වඩා හොඳින් කළමනාකරණය කිරීම සහ වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වැඩි කිරීමට මේ හරහා අපේක්ෂා කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More