මුහුණු පොතෙන්

“A” කාණ්ඩයේ රුධිරය ඇති පුද්ගලයින්ට නව කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව චීන වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක මූලික අදියරේ දී සොයාගෙන ඇතැයි සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට වෙබ් අඩවිය පවසයි.

පරීක්ෂණය සිදු කර ඇත්තේ වුහාන් සහ ෂෙන්සෙන් නගරවල ආසාදිතයින් දෙදහසකට වැඩි පිරිසක් යොදා ගනිමින්.

එම පර්යේෂණයෙන් හෙළි වූ තවත් කරුණක් නම්  “O” රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් වෛසරයට වඩාත් ප්‍රතිරෝධී වන බවයි.

කෙසේවෙතත් මෙය තව දුරටත් අධ්‍යනය කළ යුතු බව පර්යේෂකයන් පවසයි.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදාබැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එන්නත මේ සතිය තුළ දී අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට නියමිත බවද එරට වාර්තා සඳහන් කළේය.

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් එන්නතක් නිපදවා තිබේ.

අදාළ එන්නත මුල් අවධියේ සායනික අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමට මේ වන විට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මේ සතිය තුළ දීම අත්හදාබැලීම ආරම්භ කරන බව පර්යේෂකයන් පවසයි.

චීන සායනික අත්හදාබැලීම් ලියාපදිංචි දත්ත වලට අනුව පළමු අදියර යටතේ අදාළ එන්නත පුද්ගලයන් 108දෙනෙකු යොදාගෙන පරීක්ෂා කෙරෙනු ඇති.

චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ හොංකොංහි ලැයිස්තුගත ජෛව තාක්ෂණ ආයතනයක් වන කැන්සිනෝ බයොලොජික් ආයතනවල අධීක්ෂණය යටතේ එන්නත අත්හදා බැලෙනු ඇති.

මේ අතර අමෙරිකාවද නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටියි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More