දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග කරන බව පැවසූ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද පොහොට්ටුව ලකුණින් තරග වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රයට අද(18) අත්සන් තැබුවේය.

ඒ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි.

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂයින් පිරිසකට එම අවස්ථාව අහිමි වීම නිසා දිස්ත්‍රික්ක කිහිපයකට අත ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ සඳහන් කළේය.

නමුත් දයාසිරි ජයසේකර මහතා සමග එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා අත්සන් කරනු ලැබුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More