දේශීය පුවත්

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද(18) දිනයේ තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගත් බව අමාත්‍යවරිය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ මෙම රෝගීන්ගෙන් බොහෝ පිරිසක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බවයි.

ඒ අනුව වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 50 ක් බව අනාවරණය වී තිබේ.

මේ අතර රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරිය පවසයි.

මේ අතර එම මාධ්‍යය හමුවට එක්වූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලබන සියලු වන්දනාකරුවන් නිරෝධායනය කටයුතු සඳහා යොමු කරන බවයි.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/213030399776530/?t=0



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More