ව්‍යාපාරික පුවත්

අර්ජුන අතුරුදන් කිරීම!

March 9, 2018 12:12 pm | Lanka Lead News

දැන් අර්ජුන මහේන්ද්‍රන්ව සොයා ගැනීමට දඟලන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගිය වසරේ (2017) මාස ගණනාවක්‌ තිස්‌සේම අර්ජුන මහේන්ද්‍රව දිගටම මුණගැසුණේය. ඇතැම් අවස්‌ථාවල දිනපතාම පාහේ ඔහුව හමුවූයේය. ජනාධිපති බැඳුම්කර කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් බොහෝ සාක්‌ෂි හෙළිදරව් විය. නිසි මුදල් මණ්‌ඩල අනුමැතියකින් තොරව පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නවත්වා වෙන්දේසි ක්‍රමයෙන් පමණක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට තීරණය ගත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් ප්‍රකාශ කළහ. අඩුම තරමේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හෝ උසාවිය භාරයට පත් කිරීමට ඉල්ලීමක්‌ කිරීමට හැකියාවක්‌ නොතිබුණේද? එදා එසේ කළා නම් අද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට ඔහුට සිතාසි භාරදීමට ඔය තරම් වෙහෙස වීමට, අවශ්‍ය වන්නේද?

‘සිංගප්පූරුවෙනුත් අර්ජුන පනී – අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි’

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පළා ගොස්‌ ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. අධිකරණය මගින් නිකුත් කළ සිතාසිය භාරදීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා පදිංචි සිංගප්පූරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයෝ ගොස්‌ ඇතත් ඒ මහතා එම ලිපිනයේ නොසිටි බව හෙළි වී ඇති බවද එම පුවතේ සඳහන් විය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික කුරියර් සේවාවක්‌ ඔස්‌සේ එම සිතාසිය මහේන්ද්‍රන් මහතා වෙත යෑවීමට කටයුතු කර තිබිණි. අශ්වයාට පැන යැමට ඉඩ දී ඉස්‌තාලය වසාගෙන දඟලන මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිලධාරීන් දැන් රටට පෙන්වමින් සිටින්නේ කුමක්‌ද? ලංකා ඉතිහාසයේ විශාලතම මහජන මුදල් කොල්ලයේ චූදිතයකු සම්බන්ධයෙන්වත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත්ව ඇති බව නොවේද? මේ බැඳුම්කර මගඩිය ආරම්භයේ සිටම දක්‌නට ලැබුණේ මේ මගඩියේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔවුන් ආරක්‌ෂා කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කරන බවකි. එසේ ඔවුන්ව ආරක්‌ෂා කිරීමට කටයුතු කළ සියල්ලන් මේ බැඳුම්කර මගඩිවලට මෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ අතුරුදන් වීමට ද කිසියම් ආකාරයකට වගකිවයුතු බව මේ මගඩිවලින් බලවත් අගතියට පත්ව සිටින මහජනයා වෙනුවෙන් අපට කීමට සිදු වේ.

දැන් අර්ජුන මහේන්ද්‍රන්ව සොයා ගැනීමට දඟලන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගිය වසරේ (2017) මාස ගණනාවක්‌ තිස්‌සේම අර්ජුන මහේන්ද්‍රව දිගටම මුණගැසුණේය. ඇතැම් අවස්‌ථාවල දිනපතාම පාහේ ඔහුව හමුවූයේය. ජනාධිපති බැඳුම්කර කොමිසමේදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් බොහෝ සාක්‌ෂි හෙළිදරව් විය. නිසි මුදල් මණ්‌ඩල අනුමැතියකින් තොරව පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නවත්වා වෙන්දේසි ක්‍රමයෙන් පමණක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට තීරණය ගත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් ප්‍රකාශ කළහ. මුල් බැඳුම්කර මගඩියේදී 2015.02.27 දින මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටම පැමිණ බිලියන දහයකට අධික ලංසු පිළිගන්නා ලෙස . යෑයි කියා උපදෙස්‌ දුන්නේ මහේන්ද්‍රන් මහතා බව එවකට රාජ්‍ය ණය අධිකාරි දීපා සෙනෙවිරත්න මහත්මිය කොමිසමට කී බව අපට මතකය. එසේම එදිනම පැවැති ටෙන්ඩර් කමිටුවට ද රු. බිලියන 10 කට අධික බැඳුම්කර ලංසු පිළිගන්නා ලෙස දුරකථනයෙන් උපදෙස්‌ දී ඇත්තේද මහේන්ද්‍රන් මහතාය. මේවාට අදාළව මෙන්ම මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් තවත් සාක්‌ෂි රැසක්‌ බැඳුම්කර මගඩි ජනාධිපති කොමිසමේදී හෙළිදරව් විය. ඊට අමතරව එම කොමිසමට සම්බන්ධ රහස්‌ පොලිස්‌ නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේදීම අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අඛණ්‌ඩව දින ගණනාවක්‌ තිස්‌සේම ප්‍රකාශ සටහන් කර ගත් බවද රටම දනී. එම ප්‍රකාශවලදීත් මහේන්ද්‍රන් මහතා බොහෝ තොරතුරු හෙළි කරන්නට ඇත. ඒවා මාධ්‍යවත්, රටවත් දන්නේ නැත. ඒ බව දන්නේ එම කොමිසමට අනුයුක්‌තව සිටි රහස්‌ පොලිස්‌ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය. බැඳුම්කර කොමිසමේ කොමසාරිස්‌ ….. ඒ ගැන දැන සිටින්නට ඇත. එහි දැනට සේවයේ නියුතු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්‌ම සිටියහ. කොමිසමට දඬුවම් දීමට නොහැකි බව අපි දනිමු. එහෙත් මේ සාක්‌ෂිවලින් හෙළිදරව් වූ කරුණු උසාවියට ඉදිරිපත් කර අර්ජුන මහේන්ද්‍රන් මහතාට විදේශ ගමන් තහනමක්‌ ලබා ගැනීමට ක්‍රියා කළ හැකිව නොතිබුණේද? අඩුම තරමේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හෝ උසාවිය භාරයට පත් කිරීමට ඉල්ලීමක්‌ කිරීමට හැකියාවක්‌ නොතිබුණේද? එදා එසේ කළා නම් අද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට ඔහුට සිතාසි භාරදීමට ඔය තරම් වෙහෙස වීමට, අවශ්‍ය වන්නේද? සාමාන්‍ය ජන සමාජය මේවාට රැවටෙන්නේ නැත. ජන සමාජය තුළ ඇති එක්‌ කතාබහක්‌ නම් මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට දැන් දරණ උත්සාහය ජනතාවට පේන්නට කරන කිසියම් නාටකයක්‌ බවයි.

මේ පසුබිම තුළ අපට මතු වන ප්‍රශ්නයක්‌ වන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා අතුරුදන් වී සිටින්නේද? එසේත් නැතහොත් ඔහුව මෙතෙක්‌ කල් ආරක්‌ෂා කළ අය, ඔහුව ඕනෑකමින්ම අතුරුදන් කර තිබෙන්නේද යන්නයි. ඔහුට රටින් පිටවීමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට සෘජුව සහ වක්‍රව වගකිවයුත්තේ කවුද? අපට නම් හැඟෙන්නේ ඒ සියලු දෙනා අර්ජුන මහේන්ද්‍රන්ගේ වර්තමාන අතුරුදන් වීමට වගකිවයුතු බවයි. අප කියන දේ වැරදි නම් ඕනෑම අයෙකුට ඒ ගැන මහජනයාට කරුණු පැහැදිලි කළ හැකිය. අගමැති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රටේ මහ බැංකුවේ අධිපති ධුරයට පත් කළේ මෙවැනි පුද්ගලයෙක්‌ද? රටේ පුරවැසියකුවත් නොවන, රටේ නීතිමය ක්‍රියාවලියටවත් ඉදිරිපත් නොවී සිටින පුද්ගලයෙක්‌ද? ඉදිරි දිනවලදී ඔහු මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ගොස්‌ ප්‍රකාශයක්‌ ලබාදීමට (අධිකරණ නියෝගය ප්‍රකාරව) ඉදිරිපත් වනු ඇතිද යන්න අපි බලා සිටිමු. රජය සහ නීතිය ක්‍රියාත්මක කරන අංශ විසින් මේ සම්බන්ධයෙන් කවර නාටක රඟදැක්‌වූද මේ සම්බන්ධයෙන් වන මහජන අධිකරණයේ විනිශ්චය ප්‍රකාරව අදාළ වගකිවයුත්තන්ට විශේෂයෙන් මේ මගඩියේ දේශපාලන මහමොළකරුවන්ට එරෙහිව තීන්දු තීරණ ලැබෙනු ඇති බවට නම් අපට කිසිම සැකයක්‌ නැත. එය පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන්ද රටට ඔප්පු වී ඇති කරුණකි. මේ ආණ්‌ඩුqවට ජන බලයක්‌ නැති වීමට බලපා ඇති සාධක බොහොමයක්‌ තිබෙන්නට පුළුවන. එහෙත් බැඳුම්කර මගඩිය ඉන් බලවත්ම, ප්‍රබලතම සාධකය බව මේ ලියුම්කරුගේ අදහසයි. ඒ නිසා බැඳුම්කර මගඩිය විසින්ම මේ ආණ්‌ඩුව ක්‍රමයෙන් විනාශ වී යන ලකුණු ආණ්‌ඩුව විසින්ම රටට ප්‍රදර්ශනය කර අවසන්ය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දීමට කැඳවා තිබුණේ ගිය වසරේ (2017) සැප්තැම්බර් 19 වැනිදාය. ඔහු කොමිසම හමුවේ දින ගණනාවක්‌ තිස්‌සේ සාක්‌ෂි දුන්නේය. ඒ අනුව 2017 සැප්තැම්බර් 22 දින අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසමට දුන් සාක්‌ෂියෙන් කොටසක්‌ ඊට පසු දින ‘මහ බැංකු අධිපති ධුරය භාර ගන්න කීවේ රනිල් – අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමේදී පිළිගනියි.’ යන සිරස්‌තලයෙනි. එහි සඳහන් වූයේ ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගන්නා ලෙස තමාට කීවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (22දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය’ යනුවෙනි. එම ප්‍රවෘත්තියේ සඳහන් පරිදි මහේන්ද්‍රන් මහතා කොමිසමට මෙසේ ද පවසා ඇත.

‘මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 09 දින හෝ ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා පවසා සිටියා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකිද කියා’

මෙය මහේන්ද්‍රන් මහතා විසින් මීට පෙර අල්ලස්‌ කොමිසම වෙත සිංහල භාෂාවෙන් දී තිබූ ප්‍රකාශයේ ඇති සඳහනක්‌ බව බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ විණි.

එම ප්‍රකාශයේ අදහස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා විසින් ඉංගී්‍රසි භාෂාවෙන් ද කොමිසම හමුවේ කියවනු ලදුව එය සත්‍ය බව අර්ජුන මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ පිළිගත් බවද එම ප්‍රවෘත්තියේම වැඩිදුරටත් සඳහන්ය. එසේ නම් ඩුබායි රටේ රැකියාවක නිරතව සිටි පුද්ගලයා මේ රටට ගෙන්වාගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයාය. මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් වුවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින්ම දී ඇති සාක්‌ෂි අනුව ජනාධිපතිවරයා මහේන්ද්‍රන් මහතාව මහ බැංකු අධිපති ධුරයට පත් කර ඇත්තේ අගමැතිවරයාගේ අවශ්‍යතාවට අනුව බව පැහැදිලිය. ඉහත සඳහන් ‘දිවයින’ ප්‍රවෘත්තියේ මෙසේ ද සඳහන්ය.

‘තමා අගමැතිවරයාගේ ඉල්ලීමට එකඟ වී 2015 ජනවාරි තුන්වැනි සතියේ ලංකාවට පැමිණි බවද ඒ අනුව 2015 ජනවාරි 23 දින (සිකුරාදා) තමාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත්aවීමේ ලිපිය ලැබී 2015 ජනවාරි 26 දින (සඳුදා) මහ බැංකු අධිපතිවරයා ලෙස මුලින්ම රාජකාරියට වාර්තා කළ බවද මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊයේ (22දා) කොමිසමට සාක්‌ෂි දෙමින් කීවේය.’

අඩු තරමේ මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා විට මේ රටේ පුරවැසිභාවය හෝ ලබා ගන්නැයි පැවසුවා නම් කෙතරම් හොඳද? මහ බැංකුව පිහිට වූ ඉතා පැරණි මුදල් නීත පනත අනුව මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලාංකිකයකු විය යුතු බවට සඳහනක්‌ නොමැති වන්නට පුළුවන. එහෙත් මුදල් කොළේට පවා අත්සන් කරන මහ බැංකු අධිපතිවරයා මෙරට පුරවැසියකු වූයේ නම් ඔහුට රාජ්‍ය සේවකයකු ලෙස වන අනිවාර්ය දිවුරුම නොදී සිටිය නොහැකි වනු ඇත. මෙරට පුරවැසියකු ද නොවී එම දිවුරුම පවා නොදෙමින් මහ බැංකු අධිපතිවරයා ලෙස මහේන්ද්‍රන් මහතා කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොදැන සිටියා යෑයි අපට සිතිය නොහැකිය. ඒ අනුව මහේන්ද්‍රන් මහතා පක්‌ෂපාතී වනු ඇත්තේ ශ්‍රී ලංකාවට නොව ඔහු පුරවැසිභාවය දරන රටටය. මෙවැනි පුද්ගලයෙක්‌ මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ විසල් වන්දියෙන් කොටසක්‌ යහපාලන රජය ම`ගින් දැනටමත් මහජනයා වෙත ගෙවා අවසන්ය. එසේම ඔහු පත් කිරීමට වගකිවයුතු අයට පමණක්‌ නොව සමස්‌ත යහපාලන ආණ්‌ඩුවටම මෙවැනි පුද්ගලයන් පත් කිරීමේ සහ ඔවුන් දිගින් දිගටම ආරක්‌ෂා කිරීමේ වන්දිය ගෙවීමට අනගතයේදී සිදුවීම වැළැක්‌විය නොහැකි වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More