දේශීය පුවත්

අද (18) සවස 4ට ‌පෙර ‌‌පොහොට්ටුවේ කුරුණෑගල දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට ‌පොහොට්ටුවේ ප්‍රධානීන් විසින් දැනුම් දීමක් කරනු ලැබ තිබේ.

එසේ ‌නොමැති වුවහොත් දයාසිරි ජයසේකර මහතාගේ නම ඉවත් ‌කොට ‌වෙනත් නමක් ඇතුළත් කර අදාළ ලයිස්තුව බාර දීමට කටයුතු කරන බවද ‌පොහොට්ටුව පාර්ශ්වයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා ‌වේ.

කුරුණෑගල ලයිස්තු‌වේ දැනට සිටින ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ නම්වලට අමතරව තවත් එක් ශ්‍රීලනිප නාමයෝජනාවක් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා ‌දෙන ‌‌ලෙසට දැනටමත් ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇති අතර ‌පොහොට්ටුව එම ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ‌නොදැක්වීම ‌‌‌මෙසේ ජයසේකර මහතා ඊට අස්සන් ‌නොතැබීමට ‌හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් අනුරාධපුර, ‌පොලොන්නරුව, ගම්පහ යන දිස්ත්‍රික්කවල වැඩිපුර එක් නාමයෝජනාවක් ශ්‍රීලනිපයට ලබා දීම මත දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන මහත්වරුන් එම දිස්ත්‍රික්කවල ‌පොහොට්ටුවේ නාමයෝජනා ලයිස්තුවට අස්සන් තැබීමට එකඟ වී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් කුරුණෑගල එවැනි තත්ත්වයකට ‌පොහොට්ටුව එකඟ ‌නොවීම මත දයාසිරි ජයසේකර මහතා තවමත් නාමයෝජනා ලයිස්තුවට අස්සන් තබා නැති අතර ‌බොහෝ දුරට එවැනි තත්ත්වයක් යටතේ ජයසේකර මහතා කුරුණෑගලින් ‘අත’ ලකුණ යටතේ ශ්‍රීලනිපයෙන් තරග වැදීමට කටයුතු කරනු ඇති බව පැවසේ.

දැනටමත් ශ්‍රීලනිපය අත ලකුණ යටතේ දිස්ත්‍රීක්ක 4කට ‌වෙනම තරග වැදීමට නාමයෝජනා ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More