දේශීය පුවත්

ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි ශ්‍රි ලාංකිකයන් 280 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර දැඩි පරික්ෂාවෙන් සිටින බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කා‍ර්යාලය පවසයි.

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ලැබී තිබූ තොරතුරු අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ‍මෙම ශ්‍රී ලාංකිකයින් පදිංචි නිවාස සෝදිසි කර විදේශ රටවලින් පැමිණි සිටි පිරිස් වෙත සෞඛ්‍ය උපදෙස් හා අවවාද කර නිවෙස් තුළින් බැහැරව නොගොස් වෙනම සිටින බවට දැනුවත් කර ඇත.

දැනට ස්වයං නිරෝධානය කර සිටින 280 දෙනා දෛනිකව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නිවෙස් වලට ගොස් පරික්ෂා කරන අතර එම පිරිස් මේවන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින ද බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මේ අතර කොරෝනා වයිරසය පැතිරීයාම වළක්වා ගැනීම සඳහා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙන්නප්පුව ග්‍රාම සේවා වසම් 52 ක අත්පත්‍රිකා, බැනර්, පෝස්ටර් හා ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ජනතාව දැනුවත් කරමින් සිටී.

වෙන්නප්පුව බස් නැවතුම් පොළ, වෙළද සංකිර්ණ, හා සුපර් වෙළඳසැල් වලට පැමිණෙන ජනතාවට විෂබිජ නාශක යොදා අත් පිරිසිදු කර ගැනීමට ද පහසුකම් සපයා ඇති බවද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More