දේශීය පුවත්

මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇති බව වෛද්‍යවරුන් පවසයි.

පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටින බවත් ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි අය බව වාර්තාවේ.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

මෙරටින් හමු වූ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (17) රාති‍්‍රයේ 43 ක් දක්වා ඉහළ ගිය අතර  ඊයේ දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු හමුවී තිබුණි.

දැනට රෝගය තහවුරු කර ගැණුනු සියළු දෙනා IDH  රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර දිවයින පුරා ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 16 කදී තවත් 2,258 දෙනෙකු නිරෝධායන කි‍්‍රයාවලියට යොමුකර තිබේ.

Neth news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More