ව්‍යාපාරික පුවත්

බැංකු පොලී අනුපාත අඩු කිරීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

රටේ ව්‍යාපාර කටයුතු යළි පණ ගසා නැගී සිටීම තමන්ගේ ස්වයං අභිමතාර්ථ සපුරාගැනීමට අවශ්‍ය බව මූල්‍ය ආයතන තරයේ සිහි තබා ගැනීම වැදගත් යැයි ද හෙතෙම පැවැසීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් රටේ ආර්ථික කටයුතුවලට ඇති කළ හැකි දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16) පියවර ගත්තේය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන අතර ඒ හේතුවෙන් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පූර්ව උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් ලෙස එලෙස පොලී අනුපාත අඩු කළ බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.

වෙළෙඳපොළ ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමත් දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් මුදල් මණ්ඩලය පෙරේදාගත් ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට මින් පෙර ගෙන තිබූ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 75ක සමුච්චිත අඩුවීමක් කර ඇති බවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම හරහා අරමුදල් පිරිවැය පහළ ගොස් ඇති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා මේවායේ ප්‍රතිලාභ බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රමුඛ සියලු මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

හදිසි සහාය අවශ්‍ය කණ්ඩායම්වලට වෙත කාලීනව අවශ්‍ය කෙරෙන සහාය ලැබෙන බව සහිතක කළ යුතු යැයි ද හෙතෙම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More