දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සිය නාම යෝජනා භාර දීම මේ දිනවල සිදුවෙයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය මෙන්ම බොහෝ දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වන සහ පාර්ලිමේන්තු යැවිය යුතු පුද්ගලයින් පිළිබද විවිධ මත පලවුණා.

ඒ අතර රංගන ශිල්පීන් / ශිල්පිනියන් සහ ක්‍රීඩකයින් මැතිවරණයට ඉදිරිපත් වීම විශේෂයි.

ගාල්ල දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ද සුදානමින් සිටියා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමටයි.

කෙසේවෙතත් ඩිල්ෂාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කිරිමට නාම යෝජනා ලැබි නොමැති බව වාර්තා වෙයි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අවස්ථා කිහිපයකදි මාධ්‍යහමු පවත්වමින් ඩිල්ෂාන් පැවසුවේ තමන් ගාල්ලෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණ ඊයේ (17) සවස නාමයෝජනා බාර දෙන ලදී.කණ්ඩායම් නායක රමේෂ් පතිරණ, හිටපු නියෝජ්‍ය ඇමති මොහාන් පී.ද සිල්වා සහ නීතිඥ ශ්‍රිමාල් විජේසේකර  යන මහත්වරුන් විසින් දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි සෝමරත්න  විදානපතිරණ මහතා වෙත නාම යෝජනා බාර දෙනු ලැබිය.

1රමේෂ් පතිරණ
2අගම්පොඩි මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
3චන්දිම වීරක්කොඩි
4ගීතා සමන්මලී කුමාරසිංහ
5අතුකෝරලගේ කාරියවසම් චමින්ද සම්පත්
6ඉසුරු දොඩඩංගොඩ
7බද්දේගම සමිත
8ශාන් විජය ලාල්ද සිල්වා
9අමරවංශ ගාමිණි මුණුගොඩ
10ඉරංග දිල්ශාන් විදානගමගේ
11කීඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ
12චන්න සාලිය ශ්‍රි මෙන්ඩිස් තිරිමාදුර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More