විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපතිවරයා COVID-19 වෛරසය “චීන වෛරසය” ලෙස තම දේශනයකදී ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට බීජිං පාලනයෙන් සහ සමහර අමෙරිකානු මාධ්‍යය විසින් ඔහු වෙත ප්‍රබල විවේචනයක් ඉදිරිපත් විය.

එය වගර්‍ වාදී ප්‍රකාශයක් මෙන්ම කරුණු සොයා නොබලා කළ ප්‍රකාශයක් ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් වූ ප්‍රභල විවේචන අතර වේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම විවේචන සියල්ල ප්‍රතික්ෂේප කරමින් තම ස්ථාවරය නිවැරදි බව පවසයි.

“චීනය බොරු තොරතුරු ලෝකයට ඉදිරිපත් කරනවා අමෙරිකානු හමුදාව ඔවුන්ට රෝගය බෝ කළේ යැයි කියා. ඒ වගේම ඔවුන් මේ රෝගය මුලින්ම පැමිණියේ කොහේ සිටදැයි අසනු ලබන ප්‍රශ්නයට වැඩි තර්කවලට නොගිහින් මා පවසන්නේ “චීනයෙන්” කියායි. මා හිතනවා එය ඉතාම නිවැරදි යෙදුමක් කියා.” යනුවෙන් පැවසීය
.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීමට හේතු වූයේ, පසුගිය සතියේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු වන සාවෝ ලීජින් මහතා චීනයේ හඳුනාගත් පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූයේ වුහාන් ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් මාසයේ අවසාන සතියේ පැවැත්වූ  ලෝක යුද හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා උළෙලින් පසුව බවත් එයට අමෙරිකානු හමුදා නිළධාරීන් තුන්සිය දෙනෙකු සහභාගි වූ බවත් ඔවුන් අතරින් කෙනෙකු “ශුන්‍යය රෝගියා” වන බවත් පැවසීම බව මාධ්‍යය වාර්තා පවසයි.චීන විදේශ අමාත්‍යාංශය අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වර්ගවාදී හිස් ප්‍රකාශයක් බවට ප්‍රතික්ෂේප කරමින් එය වහා නිවැරදි කළ යුතු යැයි දන්වා සිටියේය.මේ අතර චීනය කියා සිටින්නේ COVID-19 වෛරසයේ සම්භවය ඉතාම තර්කානුකූල ලෙස සහ ඉතාම විද්‍යාත්මක ලෙස ගොඩනගා ඇති බවයි. මීට පෙර සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ සමාජගත කළ වුහාන් වෙළෙඳ පොලේ විකිනෙන වවුලන්ගේ මස් අනුභවය නිසා හෝ ඈයා නම් සත්ව කොට්ඨාශයේ මස් අනුභවය නිසා හෝ යන අවිද්‍යාත්මක තර්කානුකූල නොවන හේතු මත මෙම නිගමනයට නොපැමිණි බවද පවසා සිටී.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More