Uncategorized

අද වනවිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිධුරයට පත් වී දින සියයක් ඉක්ම ගොස් ඇත. මේ කාලය තුළ තමන් හමුවේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් පැන නැගුණ රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූ, දේශපාලන ගැටලූ, ආර්ථික ගැටලූ රාශියකට ගෝඨාභය ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මුහුණදුන් ආකාරය ප‍්‍රසාද ජනකය. සහල් මිල ඉහළ යාම, එළවළු මිල ඉහළ යාම, යළිත් යුද අපරාධ චෝදනා එල්ල වීම, නියඟය, මහ මැතිවරණ නාම යෝජනා ලැයිස්තු සකස් කිරීම, ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල් මිල පහත බැසීම යනාදී සිදුවීම් පාදක කරගෙන මෙම ගැටලූ ගොඩනැ`ගී ඇත. යම් යම් සාධනීය මැදිහත් වීම් ඔස්සේ ගෝඨාභය ජනාධිපතිවරයා ඉතා ක‍්‍රමානුකූලව ද සැලසුම් සහගතව ද ඉහත කී ගැටලූ සඳහා කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දෙමින් සිටියි.

මෙම ගැටලූ ගොන්නෙහි ආසන්නතම සහ අතිශය භයානකම ගැටලූව වන්නේ කොවිඞ් 19 (ක්‍දඩසා 19* හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යි. ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්තිය ඇරඹුන තැන් පටන් ශ‍්‍රී ලාංකිකයන් මෙම වෛරස් උවදුරෙන් බේරා ගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් සකස් කළ ආකාරයක් දක්නට ලැබුණි. ආණ්ඩුව, ආරක්‍ෂක හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය කෙතරම් සැලසුම් සකස් කළ ද මෙරට ඇතැම් අමන ජනයාගේ වගකීම් විරහිත ඇතැම් ක‍්‍රියා පිළිවෙත හේතුවෙන් ලංකාව තුළට කොරෝනා වෛරසය රිංගා ගත්තේය.

ඒ අනුව මේ වන විට ශ‍්‍රී ලංකාව තුළින් ද කොරෝනා ආසාදිතයන් පිළිබ`ද අසන්නට ලැබේ. සෞඛ්‍ය අංශවල අදහස වන්නේ ඉදිරි දින කිහිපය තුළ ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ යම් වර්ධනයක් දැක ගත හැකි වනු ඇති බවයි. නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ත‍්‍රිවිධ හමුදාව සහ සියලූ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කඩිනමින් ක‍්‍රියාත්මක වෙමින් සිටින බව පෙනේ.

වර්ෂ 2004 දී සිදු වූ සුනාමි ව්‍යසන හා පශ්චාත් සුනාමි තත්ත්වය පාලනය කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව ක‍්‍රියාකළ ආකාරය අප දැක ඇත. එසේම පසුගිය යහපාලන ආණ්ඩුව මීතොටමුල්ල කුණුකන්ද කඩාවැටීම සහ උද්ගත වූ තත්ත්වය මෙන්ම ඇතැම් ස්වභාවික උවදුරු කළමනාකරණය කළ ආකාරය ද අප දැක ඇත. එසේම ආසන්න වශයෙන් පසුගිය වසරේ අපේ‍්‍රල් මස සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සහ පශ්චාත් කාලීන තත්ත්වය පාලනය කිරීමේ දී යහපාලන රජය ‘පිස්සු කෙලිය’ හැටි මෙරට ජනතාවට හොඳින් මතක ඇතැයි සිතේ. එනයින් බලන කළ නව කොරෝනා වෛරසයට ගොදුරුවීම සහ ව්‍යාප්තිය මැඬලීම සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ දේශපාලන කුහකයෙකුට මිස සිහි බුද්ධිය ඇති කිසිවෙකුට විවේචනය කළ නොහැකි ය.

නිදහසින් පසු දශක හතක් මෙරට පාලනය කළ කිසිදු පාලකයෙක් ආපදා කළමනාකරණය සඳහා වගකියන සැලසුමක් හෝ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර නැත. මේ දශක හත තුළ රට කර වූ සෑම ආණ්ඩුවක් ම සිදු කළේ යම් ආපදාවක දී හෝ ජාතික ව්‍යසනයක දී ඒ මොහොතට පමණක් සරිලන කුමන හෝ වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවීමයි. එබැවින් ආපදාව වැළැක්වීම, ආපදාවට සංවිධානාත්මකව මුහුණ දීම, පශ්චාත් ආපදා තත්ත්වය පාලනය කිරීම වැනි ආපදාවේ විවිධ අවස්ථා කළමනාකරණය සඳහා උචිත නිශ්චිත වැඩපිළිවෙළක් පසුගිය කාලය පුරා මෙරට ක‍්‍රියාත්මක නොවුණි.

කොරෝනා පාලනයේ දී සහ මර්දනයේ දී ගෝඨාභය ජනාධිපතිවරයාට මෙම අභියෝගයට මුහුණදීමට සිදු වී ඇත. කාලයක් පුරා සැලසුමකින් තොරව අයාලේ ගිය පාලන තන්ත‍්‍රයක්, දූෂිත වූ නිලධාරී පාලන ක‍්‍රමයක්, බුද්ධිමත් නොවන අසංවිධානාත්මක දේශපාලන නායකත්වයක් සහ දුර්වල ආර්ථික සංවර්ධනයක් සහිත රටක් කොරෝනා වැනි අතිශය නවීන වෛරස් රෝගයක් මැඬලීම සඳහා සූදානම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් ජනාධිපතිවරයාගේ උපදෙස් සහ සෘජු අධීක්‍ෂණය යටතේ ආරක්ෂක හමුදාව සහ සෞඛ්‍ය අංශ යුහුසුලූව ක‍්‍රියාත්මක වෙමින් කොරෝනා මැඬලීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කරමින් සිටියි.

ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ගනු ලබන තීරණ හේතුවෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යි. රටට ආදරය කරන සියලූ ප‍්‍රගතිශීලී පුරවැසියන් දැන් කළ යුතුව ඇත්තේ කොරෝනා මැඩලීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමයි. කොරෝනා අල්ලාගෙන ගෝඨාභය ජනාධිපතිවරයාට සහ ඔහුගේ ආණ්ඩුවට මඩ ගැසූ පමණින් හෝ විවේචනය කළ පමණින් කොරෝනා ව්‍යාප්තිය නවතින්නේ නැත. එබැවින් සියලූ ශ‍්‍රී ලාංකේය පුරවැසියන් කොරෝනා හමුවේ සිය සමාජ වගකීම හඳුනාගෙන මෙම ව්‍යසනයෙන් මිදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහාය ලබාදිය යුතුය.

කොරෝනා මත හිඳ පටු සහ අවස්ථාවාදී දේශපාලනයක නියැළී සිටින මෙරට ඇතැම් දේශපාලනඥයන් ගෙන් අප ඉල්ලා සිටින්නේ ගෝඨාභයට හෝ ඔහුගේ ආණ්ඩුවට පහර ගැසීමට කොරෝනා වෛරසය ආයුධයක් කර නොගන්නා ලෙසයි.

‘චීනයෙන් එන චීන ජාතිකයන් නිරෝධායනය කිරීමට රජයේ කිසිදු වැඩපිළිවෙළක් නෑ. කොරියාවෙන්, ඉතාලියෙන් ආපු අය මඩකලපුවට ගිහින් දානවා. රජය තවම නිරෝධායන ක‍්‍රියාවලියට නිසි පරිදි මැදිහත් වෙලා නෑ. මිනිස්සු කෑ ගහන්නේ ඒකයි.’

විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණ

2020.03.11

‘හමුදාව නැත්නම් හමුදාව පැත්තකින් තියලා රජය රජයක් විදිහට කොරෝනා නැවැත්වීම සඳහා සිදු කර ඇත්තේ කුමක්ද? රජය පාසල් වැසුවේ රටේ දරුවන්ට ආදරය නිසා හෝ කොරෝනා නිසා නොවේ. ගුරු සංගම්වල වැඩවර්ජනයට බයෙන්.’

හිරුණිකා පේ‍්‍රමචන්‍ද්‍ර

එක්සත් ජාතික පක්‍ෂය

2020.03.15

‘කොරෝනා නිසා තුන්දෙනෙක් මිය ගිහින් තියෙනවා. දෙන්නෙක් ඉතාලියෙන් ආපු අය.’

සරත් ෆොන්සේකා

එක්සත් ජාතික පක්‍ෂය,

2020.03.16

‘ඉතාමත් අකාර්යක්‍ෂමව පැහැදිලි දැක්මක් සැලැස්මක් නොමැතිව වර්තමාන රජය කොරෝනා වෛරසය ඉදිරියේ අපේ රටේ ජනතාව අසරණ වන ආකාරයට හැසිරී තිබෙනවා. දින සියය පනින කොට රණවිරුවෝ ගැන ආණ්ඩුව කතා කරන්නේ කරදරකාරයන් හැටියට. රජය ගුවන් තොටේ දී රට ගිහින් එන අපේ රටේ ජනතාවටයි, විදේශිකයන්ටයි දෙවිදියකට සලකන්නේ.’

සජිත් පේ‍්‍රමදාස

විපක්‍ෂ නායක

2020.03.13

කොරෝනා වෛරසයෙන් රටේ ජනතාව මුදා ගැනීමට ජනාධිපති ගෝඨාභය සහ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන ලෙස අප විපක්‍ෂයේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලමු. කොරෝනා වෛරසය ආයුධයක් කරගෙන ගෝඨාභයට පහර දී දේශපාලන වාසි ලබාගැනීම අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. විපක්‍ෂය යනු මෙම රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඉතා වැදගත් කොටසකි. එබැවින් ආපදා සම්පන්න අවස්ථාවකදී විපක්‍ෂ දේශපාලනඥයන් යම් සදාචාරාත්මක පිළිවෙතක් මත පිහිටා කතා කළ යුතු බව, ක‍්‍රියා කළ යුතු බව අපගේ හැ`ගීමයි. දැනට කොරෝනා ගැන කටමැත දොඩවන ඇතැම් අය පසුගිය යහපාලන රජය සමයේ ජනතා ගැටලූ කළමනාකරණය කළ ආකාරය මෙරට ජනතාව දැක ඇත.

එහෙයින් දේශපාලනඥයන් මේ මොහොතේ කළයුතු වන්නේ ජනතාව මෙම ව්‍යසනයෙන් මුදා ගැනීමට තමන්ට හැකි කුමන හෝ සහායක් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශ වෙත ලබාදීමයි. නැතිනම් නොදන්න වෙදකමට නොගොස් කටවසාගෙන සිටීමයි. එසේම සිය දේශපාලන සූදුවේ ඔට්ටුව වශයෙන් කොරෝනා භාවිත නොකිරීමයි. කොරෝනා ගැන නොදන්නා සෞඛ්‍ය විශ්ලේෂණවලට ගොස් ජනතාව මුළාවට පත් නොකරන ලෙස අප ඔවුන්ගෙන්

ඉල්ලමු.

ගෝඨාභයගේ ආණ්ඩුව දැනටමත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ද පාලනය කිරීම සඳහා ද, රෝගය වැළඳී ඇති අය ඉක්මනින් සුවපත් කිරීම සඳහා ද, වැරදි තොරතුරු සපයා සෞඛ්‍ය අංශ හා රෝහල් ම`ගහැර සිටින අය නිරෝධායනයට යොමු කිරීම සඳහා ද අති විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව,

1. නිරෝධායනය කඩිනම් කිරීම හා ඒ සඳහා සියලූ පහසුකම් ලබාදීම.

2. මුලදී රටවල් කිහිපයක් සම`ග ගුවන් ගමන් නැවැත්වීම හා පසුව සියලූ ගුවන් සේවා නැවැත්වීම.

3. සත්‍ය වසන් කරමින් රෝගී තත්ත්වය ස`ගවා සිටින අය පිළිබඳ සොයා බැලීම හා තොරතුරු රැුස් කිරීම.

4. මාර්තු මාසය ආරම්භයේ සිට විදෙස් රටවලින් මෙරටට පැමිණි අය නිරීක්‍ෂණය කිරීම.

5. පාසල්, විශ්වවිද්‍යාල අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු ආයතන වසා දැමීම හා මහජන සංසරණය අවම කිරීම.

6. කොරෝනා මැඬලීමේ කාර්ය සාධක බළකායක් සහ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.

7. විෂබීජ නැසීම සඳහා රටේ සියලූ පොදු ස්ථාන පිරිසිදු කිරීම සහ නිරෝධායන ක‍්‍රියාවලියකට බඳුන් කිරීම.

8. කොරෝනා පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා ඉතා පුළුල් ජනමාධ්‍ය සහ නව මාධ්‍ය ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් සකස් කිරීම හා ඒ සඳහා දුරකතන සම්බන්ධතා

සමාගම්වල සහාය ලබා ගැනීම.

9. අසත්‍ය තොරතුරු පතුරුවන අය සඳහා නීතිය ක‍්‍රියාත්මක කිරීම.

10. කොරෝනා මැඬලීම සඳහා නව චක‍්‍රලේඛ සහ නව නීති සම්පාදනය.

වැනි විධිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව ක‍්‍රියාවට නංවා ඇත. එහෙයින් දේශපාලන කුහකත්වය ඉවත දමා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ සියලූ අංශ කොරෝනා මැඬලීමට ගෙන යන වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවීම පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥන්ගේ ද නීතිගරුක ප‍්‍රගතිශීලී පුරවැසියන්ගේ ද රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ ද ජනමාධ්‍යයන්ගේ ද යුතුකම සහ වගකීම වන්නේ ය.

සමන් රාජපක්‍ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More